‘චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය සංවර්ධනය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ ප්රකාශයන්හි උපුටා ගැනීම්’ යන ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය හා ලිපිලේඛන අධ්‍යයන ආයතනය විසින් සංස්කරණය කිරීමෙන් අනතුරුව මධ්‍යම ලිපිලේඛන ප්‍රකාශනාගාරය හරහා එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර බෙදා හැරීම ආරම්භ කෙරේ. විශේෂංග 9කින් සමන්විත එම ග්රන්ථයට ෂී ජින්පිං මහතාගේ ප්රකාශයන්හි උපුටා ගැනීම් 299ක් තිබේ. 2012 වසරේ නොවැම්බර් මස සිට 2025 වසරේ පෙබරවාරි මස දක්වා කාලය තුළ ෂී ජින්පිං මහතාගේ දේශන, ප්‍රකාශ ඇතුළු වැදගත් ලිපි 130කට වැඩි සංඛ්‍යාවක් එම ග්රන්ථයට ඇතුළත් ය.
පක්ෂයේ විනය සංවර්ධනය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ වැදගත් ප්‍රකාශ මාලාව, පක්ෂයේ විනය සංවර්ධනය දිගුකාලීන ව සිදු කිරීමටත් , චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදය සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල නායකත්වය සහතික කිරීමටත්, චීන මාදිලියේ නවීකරණය ස්ථීර ලෙස ඉදිරියට ගෙන යාමටත්, වැදගත් මඟපෙන්වීමකි.