චීන-කාම්බෝජ-තායිලන්ත ත්‍රෛයිපාර්ශ්වික නිල නොවන රැස්වීම පැවැත්වෙයි. විදේශ කටයුතු පිළිබඳ චීන නියෝජ්‍ය ඇමති Sun Weidong මහතා සහ කාම්බෝජය හා තායිලන්තය නියෝජනය කරන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම අද(30) චීනයේ ෂංහැයි නගරයේ දී පැවැත්විණ.
සටන් විරාම එකඟතාවට අනුගත වීමේ අවශ්‍යතාව කාම්බෝජය හා තායිලන්තය එහිදී යළි අවධාරණය කළේය. සටන් විරාමය වෙනුවෙන් චීනය දක්වා ඇති ප්රශස්ත කාර්යභාරය දෙපාර්ශ්වයේ ඇගයීමට ලක් වී ඇත.
කාම්බෝජය හා තායිලන්තය අතර දේශසීමා මායිම් ගැටලුව සාමකාමී අයුරින් විසඳීම වෙනුවෙන් චීනය අඛණ්ඩව පෙනී සිටින අතර, මෙම ත්‍රෛයිපාර්ශ්වික නිල නොවන රැස්වීම චීනයේ නවතම රාජ්‍ය තාන්ත්‍රික ප්රයත්නයක් වී ඇත.
