චීන කර්මාන්ත ව්‍යවසායන් යුවාන් ට්‍රිලියන 5.23ක ලාභයක් වාර්තා කරයි

චීන කර්මාන්ත ව්‍යවසායන් යුවාන් ට්‍රිලියන 5.23ක ලාභයක් වාර්තා කරයි

චීන කර්මාන්ත ව්‍යවසායන් මෙම වසරේ මුල් කාර්තු තුන තුළ යුවාන් ට්‍රිලියන 5.23ක සංයුක්ත ලාභයක් වාර්තා කරයි. අධි තාක්ෂණ සමාගම් වේගවත් වර්ධනයක් වාර්තා කර තිබේ. කර්මාන්ත ආර්ථික සංවර්ධනයේ ප්‍රකෘතියේ පිළිබිඹුවක් ලෙසට එය සැලකිය හැකි බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශ‍යේ සංඛ්‍යාංඥ යු වෙයිනින් මහතා (27) පැවසීය.

ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී ප්‍රධාන කර්මාන්ත ව්‍යවසායන්හී සමස්ත ලාභය යුවාන් බිලියන 575.43කින් වැඩි වී ඇත.

වේගවත් නිෂ්පාදන වර්ධනය අධි තාක්ෂණ කර්මාන්තයේ ලාභය සියයට 6.3කින් වර්ධනය වීමට බලපා ඇත. එය ප්‍රධාන කර්මාන්තයන් හී සමස්ත ලාභයේ වර්ධනයට සියයට 1.1කින් දායකවී ඇත.

දේශීය ඉල්ලුමේ ප්‍රසාරණය, පරිභෝජන ප්‍රවර්ධනය සහ ජාත්‍යන්තර වෙළඳපොළේ ඉල්ලුම ස්ථාවර වීම මත එම කාලය තුළ පාරිභෝගික නිෂ්පාදන කර්මාන්තයේ ලාභය ද සියයට 2.4කින් වර්ධනය වී ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *