චීන විදේශ ඇමති Wang Yi මහතා උස්බෙකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය Bakhtiyor Saidov මහතා සමග දුරකථන සාකච්ඡාවක් පවත්වයි.
දෙරට අතර උපායමාර්ගික සබඳතා වැඩිදියුණු කර ශක්තිමත් කිරීමට එක්වන ලෙස ඊයේ(16) සිදු කළ එම සංවාදයේදී Wang Yi මහතා උස්බෙකිස්ථානයෙන් ඉල්ලීමක් කළේය.
දෙරට රාජ්‍ය නායකයින් දෙදෙනාගේ උපායමාර්ගික මඟපෙන්වීම චීන-උස්බෙකිස්ථාන සර්වකාලීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය සඳහා වඩාත්ම තීරණාත්මක නව යුගයක් බිහිකිරීමට දේශපාලන සහතිකයක් සපයන බව ඔහු පැවසීය. චීනය සහ උස්බෙකිස්ථානය මූලික අවශ්‍යතා ආරක්ෂා කර ගනිමින් විවිධ ක්ෂේත්‍ර හරහා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාව ගැඹුරු කළ යුතු බවත් ඒ සඳහා එකිනෙකාට සහයෝගය දැක්විය යුතු බවත් Wang Yi මහතා පෙන්වා දුන්නේය.
විවිධ ක්ෂේත්‍ර හරහා අන්‍යෝන්‍ය වශයෙන් වාසි ගෙන දෙන බහුපාර්ශ්වික සන්නිවේදනය මෙන්ම සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදු කිරීමට කැමැත්තෙන් සිටින බව Bakhtiyor Saidov මහතා මෙහිදී සඳහන් කළේය.
