චීන උප ජනාධිපති 13 වන ලෝක සාම සංසදය අමතයි

චීන උප ජනාධිපති Han Zheng මහතා ඊයේ(3) බෙයිජිං හි පැවති 13 වන ලෝක සාම සංසදය අමතමින් ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ඒකාබද්ධව ආරක්ෂා කිරීම සහ ගෝලීය පාලන පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා එක් වන ලෙස ඉල්ලීමක් කළේය.

වර්තමානයේ ලෝක සාමය සහ සංවර්ධනයේ අරමුණ දැඩි අභියෝගවලට මුහුණ දී ඇත. හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැඟීම සහ ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම සහ ගෝලීය ශිෂ්ඨාචාර මුලපිරීම ඇතුළු යෝජනා මාලාවක් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කර තිබේ. ඉන් මානව සාමය සහ සංවර්ධනය පිළිබඳ ප්‍රධාන ගැටලු සඳහා විසඳුමක් සපයන බව හෙතෙම පැවසීය.

මෙම වසර ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සර මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ 8‍0 වන සංවත්සරය සනිටුහන් කරන බව Han Zheng මහතා පැවසීය. ‍ලෝක සාමය සහ සමෘද්ධිය ප්‍රවර්ධනයටත්, සියලු රටවල් සමග එක්ව වඩා යහපත් ලෝකයක් ගොඩනැඟීමටත් චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු සඳහන් කර ඇත.

Han Zheng මහතා එහිදී යෝජනා හතරක් ඉදිරිපත් කළේය. පළමුව ඉතිහාසයෙන් ඉගෙනීම මෙන්ම ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ඒකාබද්ධව ආරක්ෂා කිරීම, දෙවනුව ගෝලීය පාලනය වැඩි දියුණු කිරීම සඳහා එකමුතු බව සහ ස‍හයෝගීතාවයට අනුගත වීම, තෙවනුව ගෝලීය සමෘද්ධිය සහ සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා විවෘතභාවය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම, සහයෝගතාවයෙන් එක්ව නවීකරණය කරා ඒකාබද්ධව ගමන් කිරීම එම යෝජනා හතරයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල ගැටලු විසඳීම සහ ගෝලීය සංවර්ධනයේ අසමානතාවය මෙන්ම අසමතුලිතතාවය විසඳීමට අවධානය යොමු කරමින්, සංවර්ධනය, න්‍යාය පත්‍රයේ මූලිකත්වයේ තබන ලෙස ද හෙතෙම ඉල්ලීමක් කළේය.

හිටපු ජපන් අගමැති Yukio Hatoyama, හිටපු බෙල්ජියම් අගමැති සහ යුරෝපා කවුන්සිලයේ හිටපු සභාපති Herman van Rompuy වැනි විදේශීය දේශපාලන සම්භාවනීය ආරාධිතයින්, චීනයේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් මෙන්ම විශේෂඥයින් සහ විද්වතුන් ඇතුළු 400ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *