චීන උප අගමැති He Lifeng මහතා, ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් Scott Bessent මහතා සහ වෙළඳ නියෝජිත Jamieson Greer මහතා සමඟ ඊයේ(05) වීඩියෝ ඇමතුමක් පැවැත්වීය. දෙරටේ රාජ්ය නායක දෙපළ අතර බුසාන් රැස්වීමේදී සහ නොවැම්බර් 24 පැවති දුරකථන සාකච්ඡාවේ දී ඇති කරගත් වැදගත් එකඟතාව ක්රියාත්මක කිරීමට සහ තවදුරටත් ප්රායෝගික සහයෝගීතාව මෙන්ම ආර්ථික හා වෙළඳ ක්ෂේත්රයේ එකිනෙකාගේ ගැටලු නිසි ලෙස විසඳීම පිළිබඳව දෙපාර්ශ්වය ගැඹුරු හා ඵලදායී අදහස් හුවමාරු කර තිබේ.
චීන-ඇමරිකානු ක්වාලාලම්පූර් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ප්රතිඵල ක්රියාත්මක කිරීම පිළිබඳව දෙපාර්ශ්වය ධනාත්මකව ඇගයීමට ලක් කළේ ය. දෙරටේ නායකයින්ගේ උපායමාර්ගික මග පෙන්වීම යටතේ චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්රණයේ කාර්යභාරය මනා ලෙස අඛණ්ඩව විදහා පෑමට උත්සාහ කිරීමට දෙපාර්ශ්වය එකඟ වූහ. චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සබඳතාවල තිරසර හා ස්ථාවර දියුණුවට සහයෝගීතා පුළුල් කරමින් ගැටලු අවම කිරීමට කටයුතු කළ යුතු බව ද දෙපාර්ශ්වය කියා සිටියහ.
