චීන-ඉන්දීය දේශසීමා ප්‍රශ්නය පිළිබඳ විශේෂ නියෝජිතයින්ගේ 23 වැනි රැස්වීමේ දී කරුණු 6ක් පිළිබඳ එකඟතාවක්

චීන-ඉන්දීය දේශසීමා ප්‍රශ්නය පිළිබඳ විශේෂ නියෝජිතයින්ගේ 23 වැනි රැස්වීමේ දී කරුණු 6ක් පිළිබඳ එකඟතාවක්

චීන-ඉන්දීය දේශසීමා ප්‍රශ්නය පිළිබඳ විශේෂ නියෝජිතයින්ගේ 23 වැනි රැස්වීම ඊයේ (19) චීනයේ බෙයිජිං හිදී පැවැත්විණ. වසර පහකට පසුව දෙපාර්ශවය අතර පැවති පළමු හමුව මෙයයි. චීනය සහ ඉන්දියාව චීන-ඉන්දියානු දේශසීමා ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුණු 6 ක එකඟතාවයකට එහිදී එළඹ තිබේ.

පළමුවැන්න දේශසීමා ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙරට විසින් එළැඹි විසඳුම් පිළිබඳව දෙපාර්ශවයම ධනාත්මකව අදහස් දැක්වීමය.

දෙවැන්න  2005 වසරේ දෙරටේ විශේෂ නියෝජිතයන් විසින් දේශසීමා ප්‍රශ්නය විසඳීම සඳහා එළඹ ඇති දේශපාලන මාර්ගෝපදේශක මූලධර්මවලට අනුව දේශසීමා ප්‍රශ්නයට සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුම් පැකේජයක් අඛණ්ඩව  සොයා ගැනීමේ අවශ්‍යතාව දෙපාර්ශ්වය විසින් යළිත් තහවුරු කර තිබීමයි.

තෙවැන්න  දෙපාර්ශ්වය දේශසීමා තත්ත්වය තක්සේරු කර දේශසීමාවේ තිරසර සාමය සහ සන්සුන් භාවය ළඟා කර ගැනීම සඳහා දේශසීමා ප්‍රදේශයේ පාලන නීති තවදුරටත් සැකසීමට එකඟ වීමයි.

සිව්වැන්න , දේශසීමා හුවමාරුව සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම, චීනයේ ටිබෙට් ස්වායත්තයට ඉන්දීය වන්දනාකරුවන්ගේ වන්දනා ගමන් නැවත ආරම්භ කිරීම, දේශසීමා ගංගා සහයෝගිතාව සහ Nathu La හි දේශසීමා වෙළඳාම යනාදිය ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශවය එකඟ වීමය.

පස්වන කරුණ ලෙසට, විශේෂ නියෝජිත රැස්වීම් යාන්ත්‍රණය ගොඩනැගීම තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. ඒ ය‍ටතේ මෙවර විශේෂ නියෝජිතයින්ගේ රැස්වීමෙන් පසු  අදාළ කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී එය මනා ලෙස සිදු කරන කරන මෙන් චීන-ඉන්දියානු දේශසීමා කටයුතු පිළිබඳ උපදේශන සහ සම්බන්ධීකරණ ක්‍රියාකාරී යාන්ත්‍රණය විසින් ඉල්ලා තිබේ.

හයවැනි කරුණ  ලබන වසරේ නව වටයේ විශේෂ නියෝජිත රැස්වීම ඉන්දියාවේදී පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වූ අතර නිශ්චිත වේලාව රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ එකඟතාවකට පැමිණීමය.

චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක Stephane Dujarric මහතා කියා සිටියේ චීන සහ ඉන්දීය ඉහළ පෙළේ නායකයින් විසින් ඇති කර ගත් කරුණු 6ක එකඟතාව කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රසාදය පළ කරන  බවයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *