චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය වෙනුවෙන් දෙරට නායකයින්ගෙන් සුබ පැතුම්

චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය වෙනුවෙන් දෙරට නායකයින්ගෙන් සුබ පැතුම්

චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය වෙනුවෙන් චීන හා ඉන්දීය ජනාධිපතිවරු අන්‍යෝන්‍ය වශයෙන් සුබ පැතුම් පණිවිඩ යොමු කරති. චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කර (01) වසර 75ක් සපි‍රේ. ඒ වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඉන්දීය ජනාධිපතිනි Droupadi Murmu මහත්මිය සුබ පැතුම් එක් කර තිබේ.

ඉපැරණි ශිෂ්ටාචාරයන්ගෙන් පැවත එන, සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙකක් වශයෙන් චීනය හා ඉන්දියාව සිය නවීන සංවර්ධනයේ තීරණාත්මක අවධියක් පසු කරමින් සිටින බව චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් කියා සිටී. අන්‍යෝන්‍ය ජයග්‍රහණයේ හවුල්කරුවන් ලෙස කටයුතු කිරීම දෙරටට ම නිවැරදි තේරීමකි. එම තේරීම දෙරට හා දෙරට ජනතාවගේ මූලික යහපතට යෝග්‍ය බව ද හෙතෙම පැවසීය. උපායමාර්ගික හා දුරදර්ශී දැක්මකින් යුතුව ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීමේ වැදගත්කම චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ. Droupadi Murmu ජනාධිපතිවරිය සමග එක්ව දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය නිමිති කරගෙන ද්විපාර්ශ්වික සම්බන්ධතා විධිමත් හා ස්ථාවර අන්දමින් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඉන්දියාව හා චීනය ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් හිමි අසල්වැසි රටවල් දෙකක් බවත්, දෙරට අතර ස්ථාවර හා සුහද ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉන්දියාවට හා චීනයට මෙන් ම සමස්ත ලෝකයට ද යහපත ගෙන දෙන බව Droupadi Murmu මහත්මිය  සිය පණිවුඩයෙන් සඳහන් කර සිටී. ඉන්දීය-චීන සම්බන්ධතා ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට ඉන්දීය ජනාධිපතිනිය සිය සුබපැතුම් පණිවිඩයෙන් කැමැත්ත පළ කර තිබේ.

මේ අතර චීන අගමැති ලී ච්‍යං මහතා සහ ඉන්දීය අගමැති Narendra Modi මහතා ද අන්‍යෝන්‍ය වශයෙන් සුබ පැතුම් පණිවිඩ යොමු කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *