චීන ඇමරිකා ආර්ථික සහයෝගතාව අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ මත පදනම් විය යුතුයි-චීනය

චීන ඇමරිකා ආර්ථික සහයෝගතාව අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ මත පදනම් විය යුතුයි-චීනය

චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සහයෝගිතාවයේ ස්වභාවය යනු අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණය බව චීනය පෙන්වා දෙයි. චීන ආර්ථිකය අපනයනය මත යැපෙන බවත්, චීනය සමග සාධාරණ වෙළඳාමක් කිරීම ඇමරිකාවේ අපේක්ෂාව බවත්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා බොහෝ වර පවසා තිබේ. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය (10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා ය.

චීන-ඇමරිකා වෙළඳාමෙහි වත්මන් තත්ත්වයට දෙරට ආර්ථික ව්‍යූහය, වෙළඳ ප්‍රතිපත්ති, ඇමරිකානු ඩොලරයේ තත්ත්වය ඇතුළු සාධක රැසක් බලපා ඇතැයි ඇය එහිදී කියා සිටියා ය. දෙරට වෙළඳාම තුළින් වෙළඳ අතිරික්තය ලබාගැනීමට චීනය දැඩි ප්‍රයත්නයක් නොදැරීය. චීනය සමග පවතින වෙළඳ සම්බන්ධතා තුළින් තමන්ට අවාසි වී ඇතැයි ඇමරිකාව කියා සිටිය ද එය සත්‍යය නොවේ. චීන-ඇමරිකා වෙළඳාම තුළින් ඇමරිකාව විශාල ලාභයක් ද ලබාගෙන ඇති බවත්, එසේ නැත්නම් දෙරට වෙළඳ සබඳතා බොහෝ කලක සිට ඇණහිටීමට තිබුණු බවත්, මෞ නිං මහත්මිය පවසයි. එසේ ම නිරපේක්ෂ වාසිය අරමුණු කරගන්නා වෙ‍ළඳාම මූලික ආර්ථික ක්‍රියාකාරීත්වයට පටහැනි බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළා ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *