
චීන ඇමරිකා ආර්ථික ක්රියාකාරී කණ්ඩායමේ 7 වැනි සමුළුව පැවැත්වේ. එම සමුළුව පසුගියදා දකුණු අප්රිකාවේ Johannesburg නුවරදී පැවැත්විණ. දෙරටේ සාර්ව ආර්ථික තත්ත්වයන් හා ප්රතිපත්ති පිළිබඳව එහිදී අවධානය යොමු කෙරිණ. සංසරණ ප්රශ්නය හා බහුපාර්ශ්වික සංවර්ධන බැංකු පරිපාලනය හා ප්රතිසංස්කරණය ඇතුළු ගෝලීය අභියෝගවලට මුහුණ දීම වෙනුවෙන් අඩු ආදායම්ලාභී රටවලට පොදුවේ සහාය ලබාදීම පිළිබඳවද දෙපාර්ශ්වය ගැඹුරු ලෙස එහිදී අදහස් හුවමාරු කර ගත්හ.
එමෙන්ම අදාළ ආර්ථික හා වෙළඳ ප්රශ්න සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය පැහැදිලි කළේය. චීනය වෙත ඇමරිකාව ආර්ථික හා වෙළඳ සීමා පැනවීම කෙරෙහි අවධානය යොමු කරන බව චීන පාර්ශ්වය එහිදී ප්රකාශ කළේය.