චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය පළ කෙරේ.
චීනය සහ ඇමරිකාව අගෝස්තු 12 වන දින සිට පහත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇතැයි එම ඒකාබද්ධ ප්‍රකාශය මගින් සඳහන් කෙරිණ.
ඒ අනුව පසුගිය අප්‍රේල් 2 වැනි දා පළ කළ අංක 14257 දරණ විධායක නියෝගයේ චීන භාණ්ඩ (චීනයේ හොංකොං හා මැකෞව් විශේෂ පරිපාලන කලාප ඇතුළු) සඳහා පැනවූ අතිරේක තීරුබදු සංශෝධනය කිරීමට ඇමරිකාව තීරණය කර ඇත.අගෝස්තු මස 12 වැනිදා සිට චීන භාණ්ඩ සඳහා 24%ක තීරුබදු යළි දින 90කට අත්හිටුවීමට ඇමරිකාව එකඟත්වය පළ කර තිබේ.එසේම එම විධායක නියෝගයට අනුව අදාළ සෙසු භාණ්ඩ සඳහා 10%ක තීරුබදු පනවා ඇත.
ඒ සමග ම, චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු පිළිබඳ කමිටුව පළ කළ 2025 වසරේ අංක 4 දරණ නිවේදනයට අනුව, අගෝස්තු 12 වැනිදා සිට ඇමරිකාවේ අතිරේක තීරුබදු පියවරයන්ට එරෙහිව ඇමරිකා භාණ්ඩ සඳහා පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු 24%, දින 90ක කාලයක් සඳහා අත්හිටුවීමට චීනය යළි පියවර ගනු ඇත. එමෙන්ම දෙපාර්ශ්වයේ ජිනීවා ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශයට අනුව, අවශ්‍ය පියවර යොදා ගැනීම හෝ පවත්වා ගෙන යමින් ඇමරිකාවට එරෙහි තීරුබදු නොවන ප්‍රති-පියවර චීනය අත්හිටවනු හෝ අවලංගු කරනු ඇත.
මේ ඒකාබද්ධ නිවේදනය චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ තත්ත්වය පදනම් ව සම්පාදනය කර තිබේ. දෙපාර්ශ්වයේ ජිනීවා හි පැවැත්වූ ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය මගින් ස්ථාපිත වූ යාන්ත්‍රණික රාමුව යටතේ මෙවර සාකච්ඡාව කැඳවූ බවද චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.
