ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකා වේලාවෙන් ඊයේ (20) ඇමරිකාවේ නව ජනපති ලෙස දිවුරුම් දෙමින් සිය දෙවන ධුරයේ රාජකාරී ආරම්භ කළේය. මීට දින තුනකට පෙර ඇරයුමකට අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග දුරකථන සංවාදයක් ද පැවැත්විණ. ‘නව ඇරඹුමේදී චීන-ඇමරිකා සබඳතා වැඩි ප්‍රගතියක් ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂාවෙන් සිටින’ බවට එහිදී වැදගත් එකඟතාවන්ට එළඹ ඇත. එම සංවාදය ගෝලීය වශයෙන් පොදු ඇගයීමට ලක් වේ. චීනය හා ඇමරිකාවට, මතභේදයන් පාලනයට ලක් කරමින් පොදු එකඟතාවන්ට යොමු වීමට නොහැකි වීම පිළිබඳ ජගත් ප්‍රජාවේ කනස්සල්ල දෙපාර්ශ්වය අතර එවන් සංවාද මගින් අවම කර ඇතැයි බොහෝ විදේශ මාධ්‍යන්හි විශ්වාසය විය.
කෙසේ වෙතත්, ඇමරිකානු නව රජය ධුරය භාර ගැනීමට පෙර ද චීනය හා ඇමරිකාව අතර යහපත් හුවමාරු සබඳතා මාලාවක් පැවැත්විණ. “චීනය හා ඇමරිකාව සමග එක්ව කටයුතු කළ විට ලොව සියළු ප්‍රශ්න විසඳා ගත හැකි ” බවත් ෂී ජින් පිං ජනාධිපතිවරයා කඩිනමින් හමුවීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා ඇත. චීනය ඊට සක්‍රිය ප්‍රතිචාර දක්වා ඇති අතර ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිතයෙක් ඇමරිකාවට ගොස් ඩොන්ලඩ් ට්‍රම්ප් මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී ඇත. මීළඟ අදියරේ ද්විපාර්ශ්වික සබඳතාව සඳහා සක්‍රිය මූලික ප්‍රවණතාවක් නියම කිරීමේ දැඩි අපේක්ෂාව චීනය හා ඇමරිකාව දෙපාර්ශ්වයන්ට හිමි වන බවත් චීන-ඇමරිකා සබඳතාව ඇමරිකානු ජනාධිපතිවරයාගේ නව සේවා කාලය තුළ ස්ථාවර ආරම්භයක් සමගින් ප්‍රවර්ධනය වනු ඇති බවත් මෙවැනි ක්‍රියාවන් මගින් මනාව පිළිබිඹු වේ.
චීනය සහ ඇමරිකාව ප්‍රතිවාදීන් ද? හවුල්කරුවන් ද? යන්න චීන -ඇමරිකා සබඳතාවේ දිශානතිය සම්බන්ධ මූලික ප්‍රශ්නයකි. ඇමරිකාවේ හවුල්කරුවන් හා මිත්‍රයන් ලෙස කටයුතු කිරීමට කැමති බවත් ඇමරිකාව චීනයේ සංවර්ධන මාර්ගය හා සංවර්ධන අරමුණ නිසි අයුරින් අවබෝධ කර ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් චීනය අවස්ථා රැසකදී අවධාරණය කර ඇත.
ඊට අමතරව, උපායමාර්ගික හුවමාරු ක්‍රමවේදයක් ඇති කරන අතර, මෙමගින් දෙරටේ පොදු අවධානයට ලක්වූ ප්‍රධාන ගැටළු සම්බන්ධයෙන් ඵලදායී ලෙස අදහස් හුවමාරු කර ගැනීමට ද දෙරට නායකයෝ එකඟ වූහ. මෙය ධනාත්මක සංඥාවක් බව බාහිර ගෝලීය ප්‍රජාවේ පොදු විශ්වාසයයි. ඇමරිකානු ජනපතිගේ නව සේවා කාලය තුළ, දෙරටේ උසස් පෙළේ නිලධාරීන් අතර වැඩි වශයෙන් හුවමාරු පවත්වා ගැනීමට හැකි වුවහොත් ගැටළු හා අභියෝගයන් විසඳා ගනිමින් ද්විපාර්ශ්වික සබඳතාවේ අවිනිශ්චිතතා ද අවම කළ හැකි වනු ඇති බවට ද විශ්වාස කෙරේ.