ඉදිරි පස් වසර තුළ චීන ඇමරිකා අධ්‍යයන හුවමාරු වැඩසටහන් සඳහා තරුණ ඇමරිකානුවන් 50000කට චීනයට පැමිණෙන ලෙස කරන ලද ඇරයුමෙන් පසු, ගෙවුණු වසර තුළ 14000ක පමණ පිරිසක් චීනයට පැමිණ ඇතැයි ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා 6 වැනිදා පැවසීය.
පසුගිය නොවැම්බර් මාසයේ දී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සැන්ෆ්‍රැන්සිස්කෝහි දී නිවේදනය කළේ ඉදිරි වසර පහ තුළ හුවමාරු සහ අධ්‍යයන වැඩසටහන් සඳහා තරුණ ඇමරිකානුවන් 50000කට චීනයට ඇරයුම් කිරීමට සූදානම් බවයි. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට චීනය ‘YES වැඩසටහන’ ක්‍රියාවට නැංවීය. චීන ජනාධිපතිවරයා ඇමරිකානු තරුණ නියෝජිතයින්ට ශිෂ්‍යත්ව සඳහා අවස්ථා කීපයක දී පසුගිය වසරේ චීනයට පැමිණෙන ලෙස ඇරයුම් කළ අතර එය ඇමරිකාවේ ප්‍රාන්තවල උණුසුම් පිළිගැනීමට ලක් වූ බව චීන-ඇමරිකා තරුණ හුවමාරු ප්‍රවර්ධනය සඳහා ඇමරිකාවේ චීන තානාපති කාර්යාලයේ පැවති වැඩසටහනක දී Xie Feng මහතා සඳහන් කළේය.
මෙම මුලපිරීම දෙරට යෞවනයින් සමීප කිරීමට, චීනය වඩා හොඳින් අවබෝධ කරගැනීමට මෙන්ම චීන ඇමරිකානු මිත්‍රත්වයේ නව පරිච්ඡේදයක් ඇරඹුමට හේතුවක් බව ද ඔහු පැවසීය.
මෙම වසර තුළ චීනයට පැමිණි ගුරු-සිසු නියෝජිතයින්, විවිධ ක්ෂේත්‍රයන්හි චීන ඇමරිකානු මිතුරන් ඇතුළු 300කට අධික පිරිසක් උත්සවයට එක් වූහ.