චීනය සහ ආසියාන් සංවිධානය, නිදහස් වෙළඳ කලාප තුන්වන කාණ්ඩයේ (3.0) උත්ශ්‍රේණිගත ලේඛණයට අත්සන් තබයි. මැලේසියාවේ පැවැත්වෙන 28 වන චීන ආසියාන් නායක සමුළුව අතරතුර ඊයේ(28) දින ඊට අත්සන් තැබිණ. චීන-ආසියාන් සංවාද සබඳතා ස්ථාපිත කිරීමේ 30 වන සංවත්සරය සමරමින් පැවති සමුළුවේදී ඇති කරගත් වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමේදී මෙය සුවිශේෂී ජයග්‍රහණයකි.
ජාත්‍යන්තර මහජන මතයේ විශ්වාසය වන්නේ, මෙම ජයග්‍රහණ බහුපාර්ශ්විකත්වය සහ නිදහස් වෙළඳාම සඳහා චීනය සහ ආසියාන් සංවිධානයේ කැපවීම පෙන්නුම් කරන බවයි. මෙය ගැඹුරු කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමකි. එසේම මෙය ගෝලීය ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයට වැඩි ශක්තියක් ලබා දෙන අතර, වැදගත් බලපෑමක් ද ඇති කරන බව ජාත්‍යන්තරයේ අදහසයි.
වත්මන් ගෝලීය කාර්මික දාම ප්‍රතිව්‍යුහගතකරණය සහ නැගී එන ආරක්ෂණවාදයෙන් යුතු පසුබිමක් තුළ, ඩිජිටල් වෙළඳාමට අදාළ නීතීන්හි නවෝත්පාදනය සහ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයන් ප්‍රශස්තකරණය යන ක්‍රමවේදයන්ගෙන්, මෙම උත්ශ්‍රේණිගත ලේඛණය කලාපීය ආර්ථික ස්ථාවරත්වය සඳහා ප්‍රධාන මෙවලම බවට පත්ව තිබේ.
චීනය හා ආසියාන් සංවිධානය අතර මෙම නිදහස් වෙළඳ කලාප තුන්වන කාණ්ඩයේ (3.0) උත්ශ්‍රේණිගත ලේඛණය, ආයතනික විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. එහි සඳහන් නීතිරීති ගෝලීය පාලනය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල හඬ, වඩාත් ශක්තිමත් කරනු ඇත. එසේම මෙය ගෝලීය දකුණේ රටවලට කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය සහ සහයෝගීතාවය ගවේෂණය කිරීම සඳහා නව ආදර්ශයක් ස්ථාපිත කරනු ඇත. විවෘත මෙන්ම සහයෝගී බවින් ද යුත් මෙම ආකෘතිය මඟින් තවත් රටවල් වෙත සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට ද හැකි වීම ඉතා සුබවාදී තත්ත්වයකි.
