චීන ආර්ථික වර්ධන පුරෝකථනය ස්ථාවරව පවත්වා ගන්නා බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කරයි

චීන ආර්ථික වර්ධන පුරෝකථනය ස්ථාවරව පවත්වා ගන්නා බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කරයි

චීන ආර්ථික වර්ධන පුරෝකථනය ස්ථාවරව පවත්වා ගෙන යන බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කරයි.

ආසියානු සංවර්ධන බැංකුව අද(11) ‘2024 ආසියානු සංවර්ධන දැක්ම’ නමැති වාර්තාව නිකුත් කරමින් මේ බව පෙන්වා දී ඇත.

ආසියා ශාන්තිකර කලාපයේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි 2024 වසරේ වර්ධන පුරෝකථනය සියයට 5.0ක සිට සියයට 4.9ක් ලෙස සකස් කර ඇත. එසේම 2025 වසරේ වර්ධන පුරෝකථනය සියයට 4.9ක සිට සියයට 4.8ක් ලෙස වෙනස් කර තිබේ.

මේ අතර 2024 සහ 2025 වසරවල චීන ආර්ථික වර්ධන පුරෝකථනය පිළිවෙලින් සියයට 4.8ක සහ සියයට 4.5ක පවතින අතර එය පෙර පුරෝකථනය පරිදි සමානව පවත්වා ගෙන යන බව ප්‍රකාශ කර ඇත.

ආසියා ශාන්තිකර කලාපයේ සංවර්ධන ගම්‍යතාව ස්ථාවර වන නමුත් ඇමරිකානු නව රජයේ ප්‍රතිපත්තිමය අවදානම් එම කලාපයට බලපෑමක් ඇති කරනු ඇති අතර, ඇමරිකානු වෙළඳ, මූල්‍ය සහ සංක්‍රමණ ප්‍රතිපත්තිවල වෙනස්කම් එම කලාපයේ සංවර්ධනයට බාධාවක් විය හැකි බව ද එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *