චීන ආර්ථික අනාගතය ජාත්‍යන්තරව ද පිළිගැනේ

චීන ආර්ථික අනාගතය ජාත්‍යන්තරව ද පිළිගැනේ

Standard & Poor’s ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනය නිකුත් කළ වාර්තාව චීන ආර්ථිකයේ ධනාත්මක අපේක්ෂාවන් කෙරෙහි විශ්වාසය පිළිබිඹු කරන බව චීන අධිකාරය පවසයි.

Standard & Poor’s ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය, චීනයේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම “A+” සහ එහි “ස්ථාවර” දැක්ම පවත්වා ගැනීමට තීරණය කරමින් (7) වාර්තාවක් නිකුත් කළේය. මාධ්‍යව්දීන් මේ සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන මුදල් අමාත්‍යාංශ නිලධාරියෙකු මේ බව පැවසීය.

චීන ආර්ථික වර්ධනයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ණය පාලනයේ ඵලදායීතාවය මෙම වාර්තාව මගින් ඉහළින් පිළිගන්නා බව ද හෙතෙම එහිදී පැවසීය. මෙම වසරේ පළමු භාගයේදී චීනයේ ආර්ථික වර්ධන වේගය 5.3% දක්වා ළඟා වූ අතර එය පසුගිය වසරේ සමස්තයට වඩා සියයට 0.3 කින් ඉහළ යාමකි. මෑතකදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 වසරේ චීනයේ ආර්ථික වර්ධන වේගය සඳහා වූ පුරෝකථනය 4.8% දක්වා ඉහළ නැංවීය.

අනාගතයේදී චීනය තම ආර්ථිකය ස්ථාවරව හා දියුණු මට්ටමින් පවත්වා ගැනීම අඛණ්ඩව සහතික කරන බවත්, ගෝලීය ආර්ථික සංවර්ධනයට චීනයේ දායකත්වය ලබා දෙන බවත් චීන මුදල් අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *