අප්‍රිකානු නිල සංචාරයක නිරත චීන අගමැති ලී ච්‍යං මහතා ඊයේ(20) රාත්‍රීයේ G20 කණ්ඩායමේ ප්‍රධානීන්ගේ 20වන සමුළුවට සහභාගී වීම සඳහා දකුණු අප්‍රිකාවේ Johannesburg නගරය වෙත ළඟා විය. 22 සහ 23 දෙදින පැවැත්වීමට නියමිත G20 සමුළුව අප්‍රිකානු මහද්වීපයේ මෙවර පැවැත්වෙන්නේ පළමු වරටය.
මීට පෙර ඊයේ(20) ලී ච්‍යං අගමැතිවරයා සැම්බියානු ජනාධිපති Hakainde Hichilema මහතා සමග එරට Lusaka අගනගරයේදී සාකච්ඡාවක් පැවැත්වීය. සැම්බියාව සඳහා චීනයේ ශුන්‍ය තීරුබදු සහනය ක්‍රියාත්මක කිරීම අවස්ථාවක් ලෙස ගනිමින්, ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීමට සහ පතල් කැණීම්, නව බලශක්ති වාහන සහ කෘත්‍රිම බුද්ධිය වැනි කාර්මික අංශවල සහයෝගීතා විභවයන් ප්‍රයෝජනයට ගැනීමට චීනය සැම්බියාව සමග කටයුතු කිරීමට සූදානම් බව චීන අගමැතිවරයා එම සාකච්ඡාවේදී පැවසීය.
අනතුරුව ලී ච්‍යං මහතා සැම්බියානු ජනපති සහ ටැන්සානියානු උප ජනාධිපති Emmanuel Nchimbi මහතා සමග එක්ව ටැන්සානියා-සැම්බියා දුම්රිය පුනර්ජීවන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට ද එක් විය. එහි දී ඔහු සඳහන් කළේ සැම්බියාව සහ ටැන්සානියාව සමග වෙළඳ හා ආයෝජන පහසුකම් අඛණ්ඩව වැඩි දියුණු කිරීමට කැමැත්තෙන් සිටින බවයි. චීන-සැම්බියා-ටැන්සානියා මෙන්ම චීන-අප්‍රිකා වෙළඳපොළ සහ කර්මාන්ත ඒකාබද්ධ කිරීමට සහ පෙළගැස්වීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පැවසීය.
