චීනය හා බ්‍රිතාන්‍යය අතර එළඹි ප්‍රතිඵල රැසක්

චීනය හා බ්‍රිතාන්‍යය අතර එළඹි ප්‍රතිඵල රැසක්

රිතාන්‍ය අගමැති Keir Starmer මහතා ගේ චීන නිල සංචාරය අතරතුර දෙරට අතර සක්‍රිය එකඟතා රැසකට පැමිණ ඇත.

චීන-බ්‍රිතාන්‍ය දීර්ඝ කාලීන හා ස්ථාවර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය සංවර්ධනය කිරීමෙහි නිරත වීමටත් චීන-බ්‍රිතාන්‍ය ඉහළ පෙළේ දේශගුණික හා ස්වාභාවික හවුල්කාරිත්වය ගොඩනැගීමටත් දෙපාර්ශ්වය එකඟ වී ඇත.

මේ අතර චීන-බ්‍රිතාන්‍ය උසස් මට්ටමේ ආරක්ෂණ සංවාදය යළි ආරම්භ කිරීමටත් මෙම වසර තුළ නව වටයේ උපායමාර්ගික සංවාදය, ආර්ථික හා මූල්‍ය සංවාදය සහ ආර්ථික හා වෙළඳ ඒකාබද්ධ කොමිසම් රැස්වීම යනාදී ආයතනික සංවාද පැවැත්වීමටත් දෙපාර්ශ්වය තීරණය කර ඇත.

චීන-බ්‍රිතාන්‍ය ව්‍යාපාරික කවුන්සිලයේ රැස්වීමක් පවත්වා ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ විය. චීන-බ්‍රිතාන්‍ය මූල්‍ය ක්‍රියාකාරී කණ්ඩායම පිහිටුවීම සහ එහි පළමු රැස්වීම පැවැත්වීම දෙපාර්ශ්වයම පිළිගත්හ.

දෙරටේ නායකයන් ඉදිරියේ ආර්ථික හා වෙළඳ, කෘෂිකාර්මික හා ආහාර සහ සංස්කෘතික යනාදී ක්ෂේත්‍රවල අන්තර් රාජ්‍ය සහයෝගිතා ලියවිලි 12කට අත්සන් තැබිණ. එසේම දෙපාර්ශ්වය මූල්‍ය, සෞඛ්‍ය, මාධ්‍ය සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල සහයෝගිතා ගිවිසුම් කිහිපයකට ද එළඹ ති‍‍‍බේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *