චීනය හා තායිලන්තය අතර ඒකාබද්ධ නිවේදනයක්

චීනය හා තායිලන්තය අතර ඒකාබද්ධ නිවේදනයක්

ජනතාව කේන්ද්‍ර කර ගනිමින් අනාගතයට මුහුණ දිය හැකි පරිදි විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතාව ශක්තිමත් කිරීම, වඩාත් ස්ථීර මෙන්ම තිරසරභාවයෙන් යුත් පොදු ඉරණමක් සහිත චීන තායිලන්ත ප්‍රජාවක් ‍‍ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව හා තායිලන්ත රාජධානිය අතර ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරිණ.

එම නිවේදනයට අනුව, චීන තායිලන්ත රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සහ “චීන තායිලන්ත මිත්‍රත්වයේ ස්වර්ණ ජයන්තිය” නිමිත්තෙන් චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ඇරයුමෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය Paetongtarn Shinawatra මහත්මිය පසුගිස 5 වනදා සිට 8 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත විය. එම සංචාරය තුළදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා Paetongtarn Shinawatra මහත්මිය හමු වූහ. එමෙන්ම චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා හා චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා වෙන් වෙන් ව Paetongtarn Shinawatra මහත්මිය හමු වී තිබේ. මේ අතර Heilongjiang පළාතේ Harbin නගරයේ පැවති 9 වන ආසියා ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට ද Paetongtarn Shinawatra මහත්මිය එක් විය.

චීනය හා තායිලන්තය දිගුකාලීනව අන්‍යෝන්‍ය විශ්වාස හා සහයෝගිතා අඛණ්ඩව පුළුල් කර ගනිමින් මානව හුවමාරු ශක්තිමත් කර තිබේ. ඉන් දෙරට ජනතාවට සැබෑ ප්‍රතිලාභ හිමි කර දී ඇති අතර එය දෙරටේ හා කලාපීය සංවර්ධනය හා ස්ථාවරත්වයට ද ඉවහල් වී තිබෙන බව එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වේ.

ආර්ථික ශක්‍යතාව වර්ධනය, උසස් ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය, පිරිසිදු බලශක්තිය, ඩිජිටල් ආර්ථිකය හා හරිත සංවර්ධනය යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා දෙපාර්ශ්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. චීන තායිලන්ත ආර්ථික හා වෙළඳ සහයෝගිතා පිළිබඳ පස්අවුරුදු සංවර්ධන ක්‍රියා සැලැස්ම(2025-2029) සාකච්ඡා කිරීම කඩිනම් කෙරේ. කලාපීය ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂාව සඳහා, ද්විපාර්ශ්වික සහයෝගිතා හා Lancang-Mekong සහයෝගිතාව ඇතුළු විවිධ ක්‍රමවේද ඔස්සේ මිනිස් ජාවාරම, විද්‍යුත් වංචා, මත්ද්‍රව්‍ය ජාවාරම, සයිබර් අපරාධ  සහ කළු මුදල් හුවමාරුව වැනි අන්තර්ජාතික අපරාධ සහමුලින් ම මර්දනය කිරීමට දෙපාර්ශ්වය එක්ව ක්‍රියා කරයි.

එමෙන්ම ආර්ථික සංවර්ධනය, ඩිජිටල් ආර්ථිකය, කෘත්‍රිම බුද්ධිය, රේගු කටයුතු පහසුකරණය, න්‍යෂ්ටික තාක්ෂණය, චන්ද්‍රිකා ගවේෂණය, හරිත සංවර්ධනය, තැපැල් සේවා හා ජනමාධ්‍ය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ලේඛන රැසකට ද දෙපාර්ශ්වය අත්සන් තබා තිබෙන බව ද චීන තායිලන්ත ඒකාබද්ධ නිවේදනය සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *