චීනය හා ජෝජියාව අතර නිදහස් වීසා ප්‍රතිපත්ති ගිවිසුමක්

චීනය සහ ජෝජියාව අතර සාමාන්‍ය ගමන් බලපත්‍රය සහිත පුද්ගලයන්ගේ වීසා අන්‍යෝන්‍ය වශයෙන් නිදහස් කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹේ. ජෝජියාවේ චීන තානාපති Zhou Qian මහතා හා ජෝජියා විදේශ ඇමති Ilia Darchiashvili මහතා ඊයේ(10) ටිබ්ලිසි අගනුවරදී ඒකාබද්ධව ඊට අත්සන් තැබූහ.

එම ගිවිසුම ක්‍රියාත්කම කිරීමත් සමග චීන ජෝජියා ජනතාව අතර අන්‍යෝන්‍ය හුවමාරු හා අවබෝධය තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත. දෙරට උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව ගොඩනැගීමෙන් පසු එය වැදගත් ප්‍රතිඵලයක් බවට පත් වන බව චීන තානාපති Zhou Qian මහතා එහිදී පැවසීය. වීසා නිදහස් කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමෙන් පසු ද්වීපාර්ශ්වික ආර්ථික, වෙළඳ, සංචාරක, සංස්කෘතික ඇතුළු ක්ෂේත්‍රවල හුවමාරු තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට Ilia Darchiashvili මහතා අපේක්ෂා පළ කළේය.

එම ගිවිසුමට අනුව ‍ජෝජියා හෝ චීන සාමාන්‍ය ගමන් බලපත්‍රය සහිත පුද්ගලයන් ගිවිසුමට එක් වන අනිත් රටට ඇතුල්වීම, පිටවීම හෝ සංක්‍රමණය කිරීමේදී එක්වරක් රැඳී සිටින කාලය දින 30ක් ඉක්මවා නොයාම, දින 180ක් තුළ රැඳි සිටින කාලය දින 90ක් ඉක්මවා ‍නොයාම ඇතුළු තත්ත්වයන් යටතේ වීසා නිදහස ලිහිල් වනු ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *