චීන-ඉතාලි පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 20වැනි සංවත්සරය සැමරීම සඳහා ඉතාලියේ මිලාන් නුවරදී ක්‍රියාකාරකමක් සංවිධාන කෙරේ. චීන මාධ්‍ය සමූහය ඊයේ (14) එම සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකම සංවිධානය කළේ ය.
ඉතාලි සංචාරක අමාත්‍ය Daniela Santanch මහත්මිය ඊට එක් වෙමින් දේශනයක් පැවැත්වුවා ය. ඉතාලි – චීන සබඳතාවන්ට වසර දහසකට වැඩි සංස්කෘතික හා වෙළඳ හුවමාරු ඉතිහාසයක් ඇති බව ඇය එහිදී කියා සිටියා ය. ඉතාලිය චීන සංචාරකයන්ගේ ජනප්‍රියතම ගමනාන්තයක් වන අතර ඉතාලි සංචාරකයන්ට චීනය පිළිබඳ උනන්දුව ද දිනෙන් දින වැඩි වෙමින් පවතී. ද්විපාර්ශ්වික ආර්ථික වර්ධනය, අන්‍යෝන්‍ය අවබෝධය හා දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය වර්ධනය සඳහා දෙරටේ ජනතා හුවමාරු ඉතා වැදගත් බව Daniela Santanch ඇමතිවරිය වැඩිදුරටත් සඳහන් කළා ය.
චීන-ඉතාලි පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සම්බන්ධතා ස්ථාපිත කර මේ වසරට වසර 20ක් සපිරේ. ලොව වැඩිම මාධ්‍ය ආවරණය හා මෙහෙයුම් ආකෘති සහිත විස්තීර්ණ මාධ්‍ය ආයතනයක් වශයෙන් චීන මාධ්‍ය සමූහය දෙරටේ ජනතා අවබෝධය හා හුවමාරු වඩ වඩාත් වර්ධනය කිරීම සිය ප්රමුඛ කාර්යභාරයක් ලෙස සලකන බව චීන මාධ්‍ය සමූහයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් Xingbo මහත්මිය එම අවස්ථාවට එක් වෙමින් කියා සිටියා ය. චීන-ඉතාලි මිත්‍රත්වය වර්ධනය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය අඛණ්ඩව ඉතාලි මාධ්‍ය ආයතන සමග එක්ව කටයුතු කරනු ඇතැයි ද ඇය ප්‍රකාශ කළා ය.
චීන මාධ්‍ය සමූහය හා ඉතාලි Class Editori මාධ්‍ය සමූහයේ සම රූපවාහිනි සම්මුඛ සාකච්ඡා වැඩසටහනක් ද චීන මාධ්‍ය සමූහය හා ඉතාලි Netweek මාධ්‍ය සමූහයේ සම රූපවාහිනි වැඩසටහනක් ද නිල වශයෙන් ආරම්භ කෙරෙන බව එහිදී ප්‍රකාශ කෙරිණ. පැරණි කාලයේ චීනය පිළිබඳ ඉතාලි ජනතාවට හඳුන්වා දුන් ඉතාලි ජාතික Marco Polo ගේ 700වැනි ඡන්ම දින සැමරුම නිමිති කරගෙන චීන මාධ්‍ය සමූහය ඉතාලි Il Giornale සමූහය සමග එක්ව නිෂ්පාදනය කරන “චීන – ඉතාලි පාලම” නම් අන්තර්ජාල වැඩසටහනේ ආරම්භය එම අවස්ථාවේදී ද ප්‍රකාශයට පත් කෙරිණ.
එම ක්‍රියාකාරකමේදී චීන මාධ්‍ය සමූහය ඉතාලියේ Milano Finanza පුවත්පත සහ ඉතාලියේ Telespazio සමාගම සමග වෙන් වෙන් ව සහයෝගිතා ලියවිලි හුවමාරු කර ඇත.