චීනය හා ඇමරිකාව අතර පොදු ප්‍රතිලාභී හා සහයෝගිතා අවස්ථාවන් පුළුල් බව චීන උප ජනපති පවසයි

චීනය හා ඇමරිකාව අතර පොදු ප්‍රතිලාභී හා සහයෝගිතා අවස්ථාවන් පුළුල් බව චීන උප ජනපති පවසයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත, උප ජනාධිපති Han Zheng මහතා ඇමරිකාවේ තේරී පත්වූ උප ජනාධිපති James David Vance මහතා හමු වෙයි. හමුව ඊයේ(19) ඇමරිකාවේ Washington හිදී පැවැත්විණ. ජනාධිපති ධුරයට තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්  මහතා වෙත සුභාශිංසන සහ Vance මහතා වෙත ෂී  ජින්පිං මහතා ගේ සුබ පැතුම් ද Han Zheng මහතා විසින් එහිදී පිරිනමන ලදී.

පසුගිය 17 වැනි දා ෂී ජින්පිං මහතා හා ඩොනල්ඩ් ට්‍ර්ම්ප් මහතා නිරත වූ දුරකථන සංවාදයේ දී දෙරට සම්බන්ධතාවයේ ඉදිරි ගමන්මග පිළිබඳව රාජ්‍ය නායක දෙපළ එකඟතා රැසකට එළඹි බව Han Zheng මහතා පැවසීය. ඇමරිකාව සමග එක්ව, එවැනි එකඟතා මැනවින් අනුගමනය කිරීමට චීනය සූදානමින් සිටී. චීනය හා ඇමරිකාව අතර මතභේද පැවතිය ද දෙරටේ පොදු ප්‍රතිලාභ හා සහයෝගිතා අවස්ථාවන් පුළුල් ය. මේ සඳහා වන සාකච්ඡා තහවුරු කළ යුතු බව ද චීන උප ජනාධිපතිවරයා සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *