ගෝලීය තත්ත්වය කෙසේ වෙනස් වුවද, රුසියාව චීනය සමග සබඳතා අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් චීනය සෑමවිටම රුසියාවේ දිගුකාලීන හා වැදගත් ආර්ථික සහ වෙළඳ සහකරු බවත් රුසියා ජනාධිපති Vladimir Putin මහතා පවසයි. (05) මොස්කව් නුවර පැවති 15 වන “Russia calling” සංසදයේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.
ආරක්ෂාව සහ දේශපාලන තත්ත්වය වෙනස් වීමෙන් ගෝලීය ව්‍යුහයේ වෙනස්කම් ප්‍රවර්ධනය කරන බව Putin මහතා එම සංසදයේ පූර්ණ සැසියේදී පෙන්වා දුන්නේ ය. රුසියාව සහ චීනය අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින අතර චීනය දැනටමත් රුසියාවේ විශාලතම වෙළඳ සහකරු බවට පත්ව ඇති බවත්, එයින් ද්විපාර්ශ්වික සබඳතාවල ස්ථාවරත්වය සහ තිරසාර සංවර්ධනය මනාව පෙන්නුම් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.