චීනය සහ ශ්‍රී ලංකාව සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ප්රතිලාභ මත පදනම්ව සහයෝගයෙන් කටයුතු කරන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එහි ප්‍රකාශක Lin Jian (10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
ඇණහිට ඇති අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් වටිනා චීන යුවාන් ණය මුදලක් ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා විය.
ඒ පිළිබඳව Lin Jian මහතා අදහස් පළ කරමින් පැවසුවේ, සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසි රටවල් දෙකක් වන චීනය හා ශ්‍රී ලංකාව, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ප්රතිලාභ මත පදනම්ව සහයෝගයෙන් කටයුතු කරන බවයි. දෙරට‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙල ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව ඒකාබද්ධව ගොඩනැගීමේහි නිරත වෙති. ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා හැකි තරම් අඛණ්ඩව සහාය ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව Lin Jian මහතා වැඩිදුරටත් කියා සිටියේය.
