චීනය සහ බ්‍රිතාන්‍යය “අහිතකර තත්ත්වයන් යටතේ ඉදිරි මාවත” සොයා ගනිමින් සබඳතා දැඩි කර ගත යුතුයි-චීන අගමැති

චීනය සහ බ්‍රිතාන්‍යය “අහිතකර තත්ත්වයන් යටතේ ඉදිරි මාවත” සොයා ගනිමින් සබඳතා දැඩි කර ගත යුතුයි-චීන අගමැති

චීනය හා බ්‍රිතාන්‍යය “අහිතකර තත්ත්වයන් යටතේ වුවද ඉදිරි මාවත” සොයා ගත යුතු අතර දෙපාර්ශ්වයේ සහයෝගිතා බැඳීම් තර කළ යුතු බව චීන අගමැති Li Qiang මහතා පවසයි. ඊයේ(29) බෙයිජිං හි පැවති 2026 බ්‍රිතාන්‍ය-චීන ව්‍යාපාරික කවුන්සිල රැස්වීමේ සමාප්ති උත්සවයේ දී ඔහු මේ බව සඳහන් කළේය.

චීනය සහ බ්‍රිතාන්‍යය අතර සහයෝගිතා බැඳීම් තර කිරීම, අවදානම් තත්ත්වයන් යටතේ කටයුතු කරමින් එක්ව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටේ තාර්කික තේරීමක් පමණක් නොව, එය වගකිව යුතු ප්‍රධාන රටවල් වශයෙන් ගෝලීය ගැටලු විසඳීම සඳහා එක්ව කටයුතු කිරීම පිළිබඳ දෙරටේ නිසි වගකීම ද වේ. චීනය සහ බ්‍රිතාන්‍යය පුළුල් පොදු අවශ්‍යතා බෙදා ගන්නා වැදගත් ආර්ථික හා වෙළඳ හවුල්කරුවන්ය. දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය ගෞරවයට අනුගත වීම, එකම දිශාවකට ගමන් කිරීම, අතපෙවීම් ඉවත් කිරීම සහ සහයෝගිතාවයට  බද්ධ වී සිටින තෙක් දෙරටට ජයග්‍රාහී ප්‍රතිඵල අත්කර ගත හැකි අතර අන්‍යෝන්‍ය සාර්ථකත්වය තුළින් සමෘද්ධිය ඇති කර ගත හැකි බව Li Qiang මහතා පෙන්වා දුන්නේය.

චීනය පිළිබඳ වඩාත් පුළුල් හා ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සහ සහයෝගිතාව සඳහා වැඩි අවස්ථා සොයා ගනිමින් එය අත්පත් කොට බ්‍රිතාන්‍ය ජනතාවට වඩා යහපත් ප්‍රතිලාභ ගෙන දී රටේ වර්ධනයට හා සමෘද්ධියට සහාය වීම තම චීන සංචාරයේ අරමුණ බව සමාප්ති උත්සවයේදී බ්‍රිතාන්‍ය අගමැති Keir Starmer මහතා සඳහන් කළේය. 

දෙරට ව්‍යවසායකයින්ට සහ සංවිධානවලට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සමීප සංවාදයක් සහ සහයෝගිතාවයක් ඇති කර ගත හැකි යැයි තමා අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *