චීනය සහ උතුරු කොරියාව අතර නිතිපතා මගී දුම්රිය සේවා පවත්වාගෙන යාම දෙරට අතර ජනතාවගේ ගමනාගමන පහසුකම් වඩාත් ශක්තිමත් කිරීමක් බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
එහි ප්‍රකාශක Guo Jiakun මහතා (10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
චීනය සහ උතුරු කොරියාව මිත්‍ර අසල්වැසි රටවල් දෙකකි. දෙරට අතර නිතිපතා මගී දුම්රිය සේවා පවත්වාගෙන යාම, දෙරටෙහි පුද්ගල හුවමාරු සඳහා පහසුකම් ලබා දීමට වැදගත් අර්ථයක් දී ඇති බව Guo Jiakun මහතා එහිදී පැවසීය. එමෙන්ම දෙපාර්ශ්වයේ අදාළ ආයතන සම්බන්ධීකරණය ශක්තිමත් කොට පුද්ගල හුවමාරු සඳහා වඩාත් පහසුකම් සැලසීමට චීනය සහාය දක්වන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
