චීනයත් ඉන්දියාවත් දෙරට අතර සබඳතා උපායමාර්ගික හා තිරසර මට්ටමක සිට සලකා සංවර්ධනය කළ යුතු බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jia kun මහතා (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.
ඉන්දු-චීන සබඳතාව දෙරටේ අනාගත සංවර්ධනයටත්, ගෝලීය සබඳතා ශක්තිමත් කිරීමටත් සම්බන්ධ වන බැවින් ඉන්දියාව අන්‍යෝන්‍ය ගරු කිරීම මත පදනම්ව තිරසර මට්ටමක සිට දෙරටේ සබඳතා සංවර්ධනය කරනු ඇතැයි ඉන්දියානු විදේශ ඇමති Subrahmanyam Jaishankar මහතා පසුගිය 18වැනිදා පැවසීය.
ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් Guo Jia kun මහතා පැවසුවේ, ලොව ප්‍රධානතම ඉපැරණි ශිෂ්ටාරයන්ගෙන් සමන්විත වූද, සංවර්ධනය වෙමින් පවතින හා නව නැගී එන ආර්ථික ඒකකයන්ගෙන් යුක්ත වූද රටවල් දෙකක් වන චීනය හා ඉන්දියාව, සංවර්ධනය හා සහයෝගිතා සඳහා එක්ව කටයුතු කළ යුතු බවයි. එමෙන්ම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modi මහතා Kazan හි පැවැත්වූ හමුවේ දී එළඹුණු එකඟතාවන් දෙපාර්ශ්වය මනාව ක්‍රියාත්මක කළ යුතු බව ද Guo Jia kun මහතා අවධාරණය කළේය.
තවද, ලෝක සාමය, සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙපාර්ශ්වය සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්ම සහ සැබෑ බහුපාර්ශ්වවාදය ක්‍රියාත්මක කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.