චීනය වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරයි

චීනය වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරයි

චීනය විදේශීය සංචාරකයින් සාදරයෙන් පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

මෑතකදී චීන සංචාරයන් පිළිබඳ ඡායාරූප සහ වීඩියෝ ජාත්‍යන්තර සමාජ මාධ්‍යවල ඉතා ජනප්‍රිය විය. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දක්වමින් ‍මේ බව පැවසීය.

චීනය සංක්‍රමණ වීසා රහිත ප්‍රතිපත්තිය පුළුල් ලෙස ලිහිල් කිරීම අද (17) ප්‍රකාශයට පත් කළ බව ඔහු පැවසීය. එයට අනුව, සංක්‍රමණ වීසා රහිත විදේශිකයන්ට චීනය තුළ රැඳී සිටීමේ කාලය පෙර පැය 72 හෝ පැය 144 සිට, පැය 240 එනම් දින 10 ක් දක්වා දීර්ඝ කෙරේ. එමෙන්ම සංක්‍රමණ වීසා රහිත පුද්ගලයින් රටට පිවිසීම සඳහා ප්‍රවේශයන් ලෙස චීනය අලුත් ප්‍රවේශ ස්ථාන 21 ක් නම් කර ඇති අතර, විදේශිකයන්ට පළාත් හරහා ගමන් කිරීමට අවසර ලබා දෙන බව ද Lin Jian මහතා සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *