චීනය වර්ධනීය ප්‍රතිපත්ති පැකේජයක් හඳුන්වා දෙයි

චීනය වර්ධනීය ප්‍රතිපත්ති පැකේජයක් හඳුන්වා දෙයි

චීන ආර්ථික ක්‍රියාකාරිත්වය ස්ථාවර මට්ටමකින් ඉදිරියට පවත්වා ගෙන යන බව චීනය පවසයි.

චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ ප්‍රධානි Zheng Shanjie මහතා අද(08) පෙරවරුවේ චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

සාර්ව දෘෂ්ටියෙන්, දෙස්-විදෙස් සංකීර්ණ පරිසරය හමුවේ චීන ආර්ථික ක්‍රියාකාරිත්වය ස්ථාවර මට්ටමක පවතින බව ඔහු පැවසීය. චීන ආර්ථිකය තවදුරටත් මනා ලෙස ඉදිරියට පවත්වා ගෙන යන අතර, නව ගුණාත්මක ඵලදායිතාව ඇති කිරීම වේගවත් කරමින් ගුණාත්මක සංවර්ධනය ඉතා පුළුල් ලෙස ක්‍රියාවට නංවමින් ඇති බවද හෙතෙම කීය.

එමෙන් ම, වර්තමානයේ මතුව ඇති නව තත්ත්වයන්ට මුහුණ දීමේදී ආර්ථිකය තවදුරටත් ප්‍රකෘතිභාවයට පත් කිරීම සඳහා, වර්ධනීය ප්‍රතිපත්ති සහිත පැකේජයක් චීන රජය විසින් හඳුන්වා දී ඇති බව ද Zheng Shanjie මහතා එහිදී පැහැදිලි කළේය. චක්‍රීය ස්වභාවයන් ඇති නොවන පරිදි සාර්ව ප්‍රතිපත්තීන් සකස් කිරීම, ජන ජීවිතයේ යහ පැවැත්ම හා පරිභෝජන තහවුරු කිරීමෙන් අභ්‍යන්තර ඉල්ලුම් පුළුල් කිරීම, ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීමෙන් ව්‍යවසායන් වෙනුවෙන් තවදුරටත් සහනාධාර ලබා දීම ඊට ඇතුළත් වන බව ද ඔහු සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *