චීනය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සහයෝගතාවයේ නව පිටුවක් පෙරළයි

චීනය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සහයෝගතාවයේ නව පිටුවක් පෙරළයි

බුද්ධිමය දේපළ අයිතිවාසිකම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාවයේ තත්ත්වය හඳුන්වාදීම සඳහා චීන ජාතික බුද්ධිමය දේපළ අයිතිවාසිකම් දෙපාර්තමේන්තුව අද (4) මාධ්‍ය හමුවක් පැවැත්වීය.

ලොව පුරා 80කට වැඩි රටවල් සහ කලාප සමඟ චීනය ස්ථාවර සබඳතා ගොඩනඟා ගෙන ඇති අතර දැනට ක්‍රියාත්මක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහයෝගීතා ගිවිසුම් සංඛ්‍යාව 200කට අධික ය. බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාවයේ නව රටාවක් ස්ථාපිත කිරීමට චීනයට හැකි වී තිබේ.

ලෝක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානය විසින් පූර්වයෙන් නිකුත් කරන ලද “2024 ගෝලීය නවෝත්පාදන දර්ශක වාර්තාව”ට අනුව, ලෝකයේ හොඳම විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදන සමූහයන් 100 න් 26 ක් චීනය සතුව ඇති අතර, අඛණ්ඩව වසර දෙකක් චීනය ලෝකයේ පළමු ස්ථානයට පත්ව ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *