චීනය පුරා හරිතකරණ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කෙරේ

චීනය පුරා හරිතකරණ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කෙරේ

චීනයේ 46වන රුක්රෝපණ දිනය අදට (12) යෙදී තිබේ. රුක්රෝපණ දිනය නිමිති කරගෙන චීන ජාතික හරිතකරණ කොමිසම වාර්තාවක් නිකුත් කර ඇත. 2023 වසරේ චීනයේ කඳු, ගංගා, වනාන්තර, ගොවි බිම්, වැව්, තණ බිම් හා කාන්තාරවල ආරක්ෂාව හා කළමනාකරණය ඒකාබද්ධව ඉදිරියට ගෙනයමින් පරිසර හරිතකරණය සාර්ථක ව ක්‍රියාත්මක කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව 2023 වසරේ අක්කර මිලියන 10ක පමණ ඉඩම්වල රුක්රෝපණය සිදු කර ඇති අතර තණ වගා කිරීමෙන් අක්කර මිලියන 11ක පමණ ඉඩම්වල ගුණාත්මකභාවය ඉහළ නංවාලීමට ද චීනය සමත් වී ඇත. එම කාලයේ අක්කර මිලියන 5ක පමණ කාන්තාර ප්‍රදේශ හරිතකරණය කර ඇත. එමෙන් ම චීනය ජාතික මට්ටමින් ජෛව පද්ධතිය සංරක්ෂණ කිරීමේ ව්‍යාපෘති 96ක් ද ඉඩම් හරිතකරණය කිරීමේ ආදර්ශ ව්‍යාපෘති 25ක් ද ක්‍රියාත්මක කළ බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *