චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි

චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි

පැනමා ඇළෙහි පාලනය සම්බන්ධයෙන් චීනය පිළිබඳව ඇමරිකාව සිදු කර ඇති ප්‍රකාශයකට චීනය සිය දැඩි විරෝධය දක්වා ඇත.

පැනමා ජනරජයේ ඇමරිකානු තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් පළ කළ වාර්තාවක් පිළිබඳ ප්‍රතිචාර දක්වමින් චීනය අවධාරණය කර ඇත්තේ අදාළ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක් බවයි.

එම ඇමරිකානු වාර්තාවේ දක්වා ඇත්තේ එරට ඉහළ පෙළේ නිලධාරීයෙකු පැනමාවේ ඉහළ බලධාරීන් සමග ‘පැනමා ඇළට චීන කොමියුනිස්ට් පක්ෂයේ අනිසි බලපෑම් එල්ල වීම වැළැක්වීම’ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානමක් ඇති බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් පැනමාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ, එම ඇළ සම්බන්ධ කළමනාකරණ හා ක්‍රියාත්මක කටයුතුවලට චීනය කිසිවිටෙකත් එක්ව නොමැති බවයි. පැනමා ඇළ සිය පාලනය යටතට ගන්නා බවට ඇමරිකාව වරින් වර අනතුරු ඇඟවීම් කර තිබේ.

චීන – පැනමා සබඳතා කෙරෙහි ඇමරිකාව මෙවැනි අනිසි බලපෑම් එල්ල කිරීම ඉතා පිළිකුල් සහගත බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *