චීනය නව දත්ත ප්‍රතිචාරණ චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කරයි

චීනය නව දත්ත ප්‍රතිචාරණ චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කරයි

චීනය නව දත්ත ප්‍රතිචාරණ චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශයට යොමු කරයි. ඒ (26) නිරිතදිග චීනයේ සිචුවාන් හි Xichang චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙනි. 

Long March-3B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් දියත් කළ Tianlian II-04 නම් මෙම චන්ද්‍රිකාව සැලසුම් කළ පරිදි නියමිත කක්ෂයට ඇතුළු වී තිබේ. මෙය භූ සමමුහුර්ත කක්ෂයට ගමන් කරන චීනයේ දෙවන පරම්පරාවට අයත් දත්ත ප්‍රතිචාරණ චන්ද්‍රිකාවයි. මෙමගින් අභ්‍යවකාශ යානා, ගගනගාමීන් සහිත අභ්‍යවකාශ මධ්‍යස්ථාන මෙන්ම මධ්‍යම හා පහළ පෘථිවි කක්ෂගත සම්පත් චන්ද්‍රිකා සඳහා දත්ත ප්‍රතිචාරණ පහසුකම් මෙන්ම  අභ්‍යවකාශ යානා දියත් කිරීම් සඳහා අවශ්‍ය සේවා සහ විධාන සපයනු ඇත.

මෙය Long March ප්‍රවාහක රොකට්ටු මාලාවේ 565 වන ගුවන් මෙහෙයුමයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *