චීනය තුළ ව්‍යාපාරික පරිසරයට අදාළ ඇගයීම් ගෝලීය යහපත්ම මට්ටමට ළඟා වී ඇති බව ලෝක බැංකු සමීක්ෂණයක් පෙන්වා දෙයි

චීනය තුළ ව්‍යාපාරික පරිසරයට අදාළ ඇගයීම් ගෝලීය යහපත්ම මට්ටමට ළඟා වී ඇති බව ලෝක බැංකු සමීක්ෂණයක් පෙන්වා දෙයි

මෑතකදී ලෝක බැංකුව චීන සමාගම් පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් නිකුත් කළේය.

චීනය තුළ ව්‍යාපාරික පරිසරයට අදාළ ඇගයීම් 59 න් 12 ක්ම ගෝලීය යහපත්ම මට්ටමට ළඟා වී ඇති බව සමීක්ෂණ දත්ත පෙන්වා දෙයි. මෙම සමීක්ෂණ ප්‍රතිඵලය චීනයේ ව්‍යාපාරික පරිසරයේ අඛණ්ඩ දියුණුව පිළිබිඹු කරන බවට විශ්ලේෂකයින් මත පළ කර ඇත.

අදාළ ඇගයීම් 59 අතුරින්, ඉලෙක්ට්‍රොනික ගෙවීම්, විදුලිය සඳහා ප්‍රවේශය සහ කුසලතා පුහුණුව වැනි ක්ෂේත්‍ර 12 කින් චීනය ගෝලීය යහපත්ම මට්ටමට ළඟා විය. එමෙන්ම, ජල සැපයුම, අන්තර්ජාල සම්බන්ධතාවය සහ නවෝත්පාදනය වැනි දර්ශකවලින් චීනය ලෝකයේ දියුණු මට්ටමට ළඟා වී තිබේ.

චීන සමාගම් පිළිබඳ සමීක්ෂණ ව්‍යාපෘතියේ විධායකයා වන්නේ Price Waterhouse Coopers ගිණුම්කරණ සමාගම ය. ලෝක බැංකුවේ අහඹු සාම්පල ක්‍රමයට අනුව, 2024 වසරේ ජනවාරි සහ 2025 වසරේ පෙබරවාරි අතර කාලය තුළ චීන සමාගම් 2,189ක හිමිකරුවන් හෝ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සම්මුඛ සාකච්ඡාවට බඳුන් කෙරිණ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *