චීනය තම දැවැන්ත වෙළඳපළ විවෘත කිරීම අඛණ්ඩව සිදු කරනු ඇත- චීන අගමැති

චීනය තම දැවැන්ත වෙළඳපළ විවෘත කිරීම අඛණ්ඩව සිදු කරනු ඇත- චීන අගමැති

චීනය තම මහා වෙළඳපළ ලෝකයට විවෘත කිරීම අඛණ්ඩව සිදු කරමින් සෙසු රටවල් සමග සංවර්ධන අවස්ථා බෙදා ගනු ඇති බව චීන අගමැති ලී ච්‍යං මහතා පවසයි. වෙළඳ ගැටුම් නිසි ලෙස හසුරවමින් ජයග්‍රාහී ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා චීනය සංවාදය සහ සන්නිවේදනය ප්‍රවර්ධනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔහු ඊයේ(9) බෙයිජිංහිදී පැවසීය.

“1+10” සංවාදයට එක් වීමට චීනයට පැමිණ සිටින ලෝක බැංකු සභාපති Ajay Banga, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva සහ එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ මහලේකම් Rebeca Grynspan යන මහත්ම මහත්මීන් සමග වෙන්වෙන්ව පැවති රැස්වීම්වලදී ලී ච්‍යං මහතා මේ බව සඳහන් කර ඇත.

මෑත වසරවලදී ගෝලීය වෙළඳ සහ ආයෝජන ප්‍රවණතා දුර්වල වී තිබේ. කාර්මික හා සැපයුම් දාමවල ඛණ්ඩනය වීමේ අවදානම ඉහළ ගොස් ඇති අතර ගෝලීය ආර්ථික වර්ධනය පහත වැටී ඇති බව ද හෙතෙම පැවසීය.

මෙම සන්දර්භය තුළ චීනයේ ආර්ථිකය ස්ථාවරව පවතින අතර එහි ධාරිතාවය ලෝක ආර්ථිකයට නිශ්චිතභාවය මෙන්ම ස්ථාවරත්වය නිරතුරුව එක් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ‍ය.  15 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ චීනයේ ආර්ථිකය අඛණ්ඩව වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  දේශීය ඉල්ලුම පුළුල් කරමින් දේශීය ආර්ථික චක්‍රයේ අභ්‍යන්තර ගම්‍යතාවය සහ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම මෙන්ම පරිභෝජනය, ආයෝජනය, සැපයුම සහ ඉල්ලුමේ ඵලදායී අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය චීනය අවධාරණය කරන බව ද ඔහු පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *