චීනය උසස් ගුණාත්මක සංවර්ධනය හා ඉහළ මට්ටමේ විවෘත ප්‍රතිපත්ති හරහා අඛණ්ඩව ලෝකයට ශක්තියක් ලබා දෙනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය(11) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කරමින් පැවසුවේ, විවෘතභාවය චීනයේ ආර්ථික ජීව ශක්තියේ පදනම වන අතර, එය චීනය ලෝකයට ලබා දෙන ස්ථිර ප්‍රතිඥාවක් බවයි. මේ වසරේ රාජ්‍ය කාරක වාර්තාවට අනුව, බාහිර පරිසරය කෙසේ වෙනස් වුවද, චීනය සෑම විටම ලෝකය කෙරෙහි විවෘතභාවය පුළුල් කරන බව අවධාරණය කරයි. චීනය උසස් ගුණාත්මක සංවර්ධනය හා ඉහළ මට්ටමේ විවෘත ප්‍රතිපත්ති හරහා අඛණ්ඩව ලෝකයට බලය ලබා දෙනු ඇති බවත්, ගෝලීය ආර්ථික පුනර්ජීවනය සහ සංවර්ධනය සඳහා නව ගාමක බලවේගයක් සපයනු ඇති බවත්, Mao Ning මහත්මිය එහිදී සඳහන් කළා ය.