චීනයේ‘Peace Ark’ රෝහල් නෞකාව ප්‍රථම වරට කැමරූන් වෙත ළඟා වේ

චීනයේ‘Peace Ark’ රෝහල් නෞකාව ප්‍රථම වරට කැමරූන් වෙත ළඟා වේ

චීනයේ‘Peace Ark’ රෝහල් නෞකාව ප්‍රථමවරට කැමරූන් වෙත ළඟා වේ.

‘සහජීවන මෙහෙයුම-2024’ වැඩසටහන ක්‍රියාත්මක කරමින් චීන නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව ඊයේ (7) කැමරූන් හි Douala වරායට ළඟා විය. එහිදී දින 7ක් සෞඛ්‍ය සේවා ලබා දෙමින් සුහද සංචාරයක නිරත වන එම නෞකාව කැමරූන් වෙත පැමිණි පළමු අවස්ථාව ද මෙයයි. 

මෙවර මෙහෙයුමේදී එම නෞකාව සිය ප්‍රධාන වේදිකාව මත සෞඛ්‍ය සේවා ලබා දීම සිදු කරනු ඇත. එමෙන්ම වෛද්‍ය විශේෂඥ කණ්ඩායම් හා සෞඛ්‍ය සේවා කණ්ඩායම් රැසක් කැමරූන් ජනරජයේ රෝහල්, යුද හමුදා, රාජ්‍ය ආයතන යන ස්ථානවලට යොමු වී ඒකාබද්ධ සෞඛ්‍ය ප්‍රතිකාර, අධ්‍යයන හුවමාරු, පහසුකම් අලුත්වැඩියා කටයුතු මෙන්ම හදිසි ආපදා සේවා පුහුණුව යන ක්‍රියාකාරකම් සිදු කිරීමට නියමිත ය.    

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *