චීනයේ Shenzhou 19 ගගනගාමීන් ආපසු පෘථිවියට පැමිණීමට සූදානම් වෙයි. (27) එම ගගනගාමීන් සහ Shenzhou 20 ගගනගාමීන් අතර උත්සවයක් ද පැවැත්විණ. ඒ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යතුර Shenzhou 19 ගගනගාමීන් විසින් Shenzhou 20 ගගනගාමීන් වෙත භාර දීම සංකේතවත් කරමිනි.
මේ වන විට Shenzhou 19 අභ්‍යවකාශ කාර්ය මණ්ඩලය අභ්‍යවකාශයේ දින 180ක් රැඳී සිට සියලු නියමිත කාර්යයන් අවසන් කර ඇත. ඔවුන් එළඹෙන 29 වැනි දා ආපසු පෘථිවියට පැමිණීමට සූදානමින් සිටී. Shenzhou 19 ගගනගාමීන්ගේ පැමිණීම සඳහා මේ වන විටත් අදාළ කටයුතු සූදානම් කෙරෙමින් පවතී.