චීනයේ Shenzhou 19 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායම යානයෙන් පිටත පළමු ක්‍රියාකාරකම සාර්ථකව අවසන් කරති

චීනයේ Shenzhou 19 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායම යානයෙන් පිටත පළමු ක්‍රියාකාරකම සාර්ථකව අවසන් කරති

චීනයේ Shenzhou 19 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායම යානයෙන් පිටත පළමු ක්‍රියාකාරකම ඊයේ(17)රාත්‍රීයේ සාර්ථකව නිම කළහ. එම ක්‍රියාකාරකම පැය නවයක් තුළ සිදු කෙරිණ. එය චීන ගගනගාමීන් අභ්‍යවකාශ යානයෙන් පිටත සිදු කළ ක්‍රියාකාරකම්වල කාල සීමාව පිළිබඳ නව වාර්තාවක් ද සනිටුහන් කිරීමකි. 

Cai Xuzhe, Song Lingdong,Wang Haoze යන ගගනගාමීහු, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යාන්ත්‍රික දෑත් ආධාරයෙන් හා පෘථිවියේ තාක්ෂණික ශිල්පීන්ගේ සහාය ඇතිව අභ්‍යවකාශ මධ්‍යස්ථානය සුන්බුන්වලින් ආරක්ෂා කරන උපකරණ සවි කිරීම, මොඩියුලයෙන් බැහැර ව ඇති උපකරණ පරීක්ෂා කිරීම ඇතුළු මෙහෙයුම් අවසන් කර ඇත. 

එමෙන්ම Shenzhou 19 ගගනගාමී කණ්ඩායම යානයෙන් පිටත තවත් ක්‍රියාකාරකම් හා විද්‍යාත්මක පරීක්ෂණ මෙන්ම තාක්ෂණික අත්හදා බැලීම් විශාල ප්‍රමාණයක් සිදු කිරීමට  ද සැලසුම් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *