චීනයේ Hainan පළාතේ නිදහස් වෙළඳ වරාය කලාපයේ රේගු මෙහෙයුමක්

චීනයේ Hainan පළාතේ නිදහස් වෙළඳ වරාය කලාපයේ රේගු මෙහෙයුමක්

Hainan පළාතේ නිදහස් වෙළඳ වරාය රේගු මෙහෙයුමක් අද(18) නිල වශයෙන් ආරම්භ වෙයි. ඒ අනුව නිදහස් වෙළඳ වරායට ඇතුළු වන සහ පිටවන භාණ්ඩ සඳහා රේගු ප්‍රකාශන සේවා ලබා ගැනීම සිදු කෙරේ. විදේශ වෙළඳාමට විවෘත වන රේගු වරායන් 8ක් සහ දේශීය වෙළඳාමට විවෘත වන රේගු වරායන් 10ක් මෙහිදී ක්‍රියාත්මකය.

මෙය ක්‍රියාවට නැංවීමත් සමග Hainan පළාතේ නිදහස් වෙළඳ වරාය සඳහා “ශුන්‍ය-තීරුබදු”  ලැයිස්තුව භාණ්ඩ 1,900 අධික ප්‍රමාණයක සිට 6,600කට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා පුළුල් කෙරේ. ඒ සමගම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළඳ වර්ධනය ප්‍රවර්ධනය කිරීමට විදේශ ආයෝජන සඳහා තවත් ලිහිල් වෙළඳපල ප්‍රවේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෙය චීනයේ ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය පුළුල් කිරීම සඳහා වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරන බව බොහෝ විදේශ මාධ්‍ය සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *