චීනයේ DeepSeek AI යෙදුම භාවිතය ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල තහනම් කිරීමේ අවදානමක් සම්බන්ධයෙන් පළ වී ඇති පුවත් පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වයි.
දත්ත පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව චීන රජය ඉතා වැදගත් කොට සලකමින් නීතියට අනුකූලව සහතික කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා (6) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. චීන රජය කිසිදු ආකාරයකින් නීති විරෝධී ව දත්ත රැස් කිරීම හෝ ගබඩා කිරීම සිදු කර නොමැති අතර ඒ සඳහා අදාළ සමාගම්වලින් හෝ පුද්ගලයන්ගෙන් කිසිදු ඉල්ලීමක් හෝ කර නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
ජාතික ආරක්ෂාවේ මුවාවෙන් ආර්ථික සහ තාක්ෂණික ගැටළු දේශපාලනීකරණය කිරීම සම්බනධයෙන් චීනය සැමවිටම විරුද්ධ වෙමින් සිටී. එමෙන්ම, චීන සමාගම්වල නිත්‍යානුකූල අයිතිවාසිකම් චීනය ස්ථිරව ආරක්ෂා කරනු ඇතැයි ද Guo Jiakun මහතා අවධාරණය කළේය.