චීනයේ DeepSeek AI යෙදුම ඇමරිකාවේ භාවිතය තහනම් කිරීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වයි.
රජයේ පහසුකම්වල එම යෙදුම භාවිතය තහනම් කරන බව ඇමරිකා වාණිජ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය (18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ ජාතික ආරක්ෂාව මුවාවෙන් ආර්ථික සහ තාක්ෂණික ගැටළු දේශපාලනීකරණය කිරීම සම්බනධයෙන් චීනය සැමවිටම විරුද්ධ වන බවය. චීන සමාගම්වල නිත්‍යනුකූල අයිතිවාසිකම් චීනය ස්ථිරව ආරක්ෂා කරනු ඇතැයි ද ඇය අවධාරණය කළාය.