චීනයේ Chang’e-6 අභ්‍යවකාශ ගවේෂණය පිළිබඳ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියෙන් පැසසුම්

චීනයේ Chang’e-6 අභ්‍යවකාශ ගවේෂණය පිළිබඳ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියෙන් පැසසුම්

චීනයේ Chang’e-6 අභ්‍යවකාශ ගවේෂණ යාන‍ය අද්විතීය විද්‍යාත්මක ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇතැයි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

පසුගිය දා චීනයේ Chang’e-6 අභ්‍යවකාශ ගවේෂණ යානය ස‍‍ඳෙහි ඈත ප්‍රදේශයට අයත් Aitken ද්‍රෝණියේ නියැදීමේ කාර්යය ඇතුළු ගවේෂණ කටයුතු රැසක් සාර්ථකව සිදු කර ඇත. මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ එවැනි ගවේෂණයක් සිදු කළ පළමු අවස්ථාව එය බවත්, සමස්ත සෞරග්‍රහ මණ්ඩලයේ මෙන්ම විශේෂයෙන් සඳෙහි පරිණාම ඉතිහාසය පිළිබඳ මානවයාගේ අවබෝධය වැඩිදියුණු කිරීමට Chang’e-6 අභ්‍යවකාශ ගවේෂණ යානය සිදු කළ ගවේෂණ කාර්යයන් ඉවහල් වන බවත්, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියෙකු වන James Carpenter මහතා (5) චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටි‍යේ ය. මේ වනවිටත් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය චීනය සමග එක්ව චන්ද්‍ර ගවේෂණය සම්බන්ධයෙන් ඇතැම් විද්‍යාත්මක ප්‍රතිඵල ලබාගෙන ඇත. මෙවර Chang’e-6 අභ්‍යවකාශ ගවේෂණ යානය යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ චන්ද්‍ර මතුපිට සෘණ අයන විශ්ලේෂකය රැගෙන ගොස් අදාළ විද්‍යාත්මක මෙහෙයුම් සිදු කළේ ය. Chang’e-6 අභ්‍යවකාශ ගවේෂණ යානය සිය පරීක්ෂණ තුළින් අනාවරණය කර ගත් දත්ත ඉතා වැදගත් බව ද James Carpenter මහතා ප්‍රකාශ කර තිබේ. එම දත්ත ඉදිරි වසරවලදී තවදුරටත් විශ්ලේෂණය කෙරෙන අතර සිය ආයතනයේ ලේඛනාගාරය හරහා ගෝලීය විද්‍යා ප්‍රජාව වෙත බෙදා හරින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *