චීනයේ 2025 ජාතික දින නිවාඩු කාලයේ සමස්ත බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 1.8 ඉක්මවයි

චීනයේ 2025 ජාතික දින නිවාඩු කාලයේ සමස්ත බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 1.8 ඉක්මවයි

අන්තර්ජාල දත්තවලට අනුව, (8) පස්වරු 4:00 වන විට චීනයේ 2025 ජාතික දින නිවාඩු කාලයේ සමස්ත බොක්ස් ඔෆිස් ආදායම (පූර්ව විකුණුම් ඇතුළුව) යුවාන් බිලියන 1.8 ඉක්මවා ඇත. එමෙන්ම පසුගිය 2 වනදා වනවිට 2025 වසරේ චීනයේ සමස්ත බොක්ස් ඔෆිස් ආදායම බිලියන 42.5 ඉක්මවා ඇති අතර එය 2024 වසරේ අගයට සාපෙක්ෂව වැඩි වී ඇත.

“චිත්‍රපට + සංචාර” සහ “චිත්‍රපට + ආහාර” යන්න මෙම දින අටක නිවාඩු කාලය සඳහා චීන ජාතිකයන්ගේ විනෝද ප්‍රවණතාවන් වී තිබේ. “චිත්‍රපට +” යන ආකාරයේ පරිභෝජන දාමය අඛණ්ඩව ව්‍යාප්ත වීමත් සමඟ චිත්‍රපටය, ක්‍රමයෙන් සංස්කෘතික හා සංචාරක පරිභෝජනයේ වැදගත් කොටසක් බවට පත්ව ඇත.

චීන චිත්‍රපට කර්මාන්තයේ අඛණ්ඩ ව්‍යාප්තිය සහ වැඩිදියුණු කිරීමත් සමග, සාම්ප්‍රදායික බොක්ස් ඔෆිස් ආර්ථිකයක සිට විවිධාංගීකරණ පාරිභෝගික පද්ධතියක් දක්වා එය, පරිභෝජනය සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් සාධකයක් බවට පත්වී තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *