ඉරාන පාර්ශ්වයේ ඉල්ලීමට අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ඊයේ(24) ඉරාන විදේශ අමාත්‍ය Abbas Araqchi මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය.
නවතම කලාපීය තත්ත්වයන් දැනුවත් කළ ඉරාන විදේශ අමාත්‍යවරයා, චීනය තම රටට ලබා දුන් හදිසි මානුෂීය ආධාර සඳහා ප්‍රණාමය පළ කළේය. ඉරානය තාවකාලික සටන් විරාමයකට පමණක් නොව ස්ථිර සටන් විරාමයක් සඳහා උත්සාහ කරන බව ඔහු ප්‍රකාශ කළේය. හෝමූස් සමුද්‍ර සන්ධිය සැමට විවෘත වන අතර නෞකාවන්ට එහි ආරක්ෂිතව ගමන් කළ හැකි නමුත් දැනට යුද්ධයට සම්බන්ධ රටවල් ඊට ඇතුලත් නොවේ. සියලු පාර්ශ්වයන් විසින් ගනු ලබන පියවර, ගැටලුව උත්සන්න නොකර එය සමනය කිරීමට දායක වනු ඇතැයි ඉරානය බලාපොරොත්තු වේ. සාමය ප්‍රවර්ධනය කිරීම සහ යුද්ධය අවසන් කිරීම සඳහා චීනය අඛණ්ඩව ධනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
සියලු උණුසුම් ගැටළු බලය යෙදවීමෙන් නොව සංවාදයෙන් සහ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා එහිදී අවධාරණය කළේය. සාකච්ඡා ආරම්භ කිරීම, සැමවිටම සටන් තවදුරටත් දියත් කිරීමට වඩා සුදුසුය. මෙය ඉරානයේ සහ එහි ජනතාවගේ අයිතිවාසිකම්වලටත් ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අභිලාෂයන්ටත් අනුකූලය. සාමය සඳහා වන සෑම අවස්ථාවක් හා ප්‍රවේශයක් ප්‍රයෝජනයට ගෙන කඩිනමින් සාම ක්‍රියාවලිය ආරම්භ කිරීම චීනයේ බලාපොරොත්තුවය. චීනය වෛෂයික සහ අපක්ෂපාතී ස්ථාවරයක සිට, සෙසු රටවල ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමට විරුද්ධ වෙමින්, යුද්ධය නවත්වා සාම සාකච්ඡා ආරම්භ කිරීමට ක්‍රියාකාරීව කටයුතු කරමින්, කලාපීය සාමය සහ ස්ථාවරත්වය සාක්ෂාත් කර ගැනීමෙහි අඛණ්ඩව නියැළී සිටින බව චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
