චීනයේ ආරක්ෂක වියදම සීමිත ව පවතින අතර එය රටේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන ප්‍රතිලාභයට ගැලපෙන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ඒ බව පැවසුවේ (25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදීය. මෑත වසරවලදී ලෝකයේ මිලිටරි වියදම් අඛණ්ඩව ඉහළ ගොස් ඇත. වර්තමානයේ ආරක්ෂාක අවදානම් වැඩි වෙමින්, ගෝලීය ආරක්ෂක පාලනයේදී විවිධ පාර්ශ්වයන් පොදු අභියෝගවලට මුහුණ පා ඇතැයි ඉන් පිළිබිඹු වන බව ඔහු කීය. චීනය සැමවිටම සාමකාමී සංවර්ධන මාවතට නොසැලී අනුගත වේ. චීනයේ සීමිත ආරක්ෂක වියදම රටේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන ප්‍රතිලාභය ආරක්ෂා කිරීමටත්, ලෝක සාමය පවත්වා ගැනීමටත් අවශ්‍ය වන බව ඔහු පෙන්වා දුන්නේය.
චීනය සැමවිටම ආත්මාරක්ෂක උපායමාර්ගය අනුගමනය කරමින්, කිසිදු රටක් සමඟ අවි තරඟයක නිරත නොවන බව ඔහු තවදුරටත් කීය. චීනය අඛණ්ඩව ප්‍රායෝගික ක්‍රියාමාර්ග මගින් ලෝක සාමය, ස්ථාවරත්වය සහ නිශ්චිතභාවය ප්‍රවර්ධනය කරන බව Lin Jian මහතා එහිදී අවධාරණය කළේය.