චීනයේ සාර්ව ආර්ථික පාලනය ශක්තිමත් කෙරේ. චීන මධ්‍යම බැංකුව වන චීන මහජන බැංකු අධිපති පන් ගොං ශෙං මහතා චීන රාජ්‍ය මණ්ඩලයේ ප්රවෘත්ති කාර්යාලය අද (7) පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේ රටේ සාර්ව ආර්ථික පාලනය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවයි. ඒ සඳහා චීන මහජන බැංකුව නව ප්‍රතිපත්ති දහයක් ප්‍රකාශයට පත් කරනු ඇති බව ද හෙතෙම එහිදී පැවසීය. සංචිත අවශ්‍යතා අනුපාතය 0.5%කින් පහත දමා දිගුකාලීන ද්‍රවශීලතාවයක් සහිත චීන යුවාන් ට්‍රිලියනයක එනම් ඇමරිකානු ඩොලර් බිලියන 158.7ක පමණ මුදලක් වෙළඳපොලට සපයා දීම , ප්‍රතිපත්ති පොලී අනුපාතය 0.1%කින් අඩු කිරීම, පුද්ගලික නිවාස අර්ථසාධක අරමුදල් ණය පොලී අනුපාතය 0.25%කින් අඩු කිරීම එම නව ප්‍රතිපත්ති අතර ප්‍රධාන වේ.
මේ අතර , චීන ජාතික මූල්‍ය නියාමන මහ පරිපාලනයේ සහ චීන සුරැකුම්පත් නියාමන කොමිසමේ ප්‍රධානීන් එම මාධ්‍ය හමුවට එක් වෙමින් රජය ක්‍රියාත්මක කළ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ තොරතුරු ද පැහැදිලි කර තිබේ. නිශ්චිත දේපළ, මූල්‍යකරණය හා විදේශ වෙළඳාමට අදාළ නව පියවර අටක් නුදුරේදී ගනු ලබනු ඇතැයි චීන ජාතික මූල්‍ය නියාමන මහ පරිපාලනයේ අධ්යක්ෂ ජනරාල් ලි යුන් ස්ඒ මහතා එහිදී ප්‍රකාශ කළේ ය. නිශ්චිත දේපළ සඳහා වන නව සංවර්ධන ආකෘතියට සරිලන මූල්‍යකරණ ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත්කිරීම වේගවත් කිරීම, දිගුකාලීන වශයෙන් රක්ෂණ අරමුදල් ආයෝජනය කිරීමේ නියමු විෂය පථය වඩාත් පුළුල් කිරීම, කුඩා හා ක්ෂුද්‍ර ව්‍යවසායන් සහ පෞද්ගලික ව්‍යවසායන් සඳහා වන සහායක මූල්‍යකරණ ප්‍රතිපත්ති මාලාවක් කඩිනමින් ප්‍රකාශයට පත්කිරීම, බැංකු හා රක්ෂණ සේවා මගින් විදේශ වෙළඳාමට සහාය සලසා දීමේ ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම, එම පියවර අට අතර ප්‍රධාන වේ.