චීන‍යේ සාම්ප්‍රදායික Qingming උත්සව නිවාඩු‍ කාලයේ දේශීය සංචාරකයන් ගේ වාර ගණන මිලියන 119ක්

චීන‍යේ සාම්ප්‍රදායික Qingming උත්සව නිවාඩු‍ කාලයේ දේශීය සංචාරකයන් ගේ වාර ගණන මිලියන 119ක් බව සංඛ්‍යාලේඛන වල දැක්වේ.

චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය ඊයේ (6) නිකුත් කළ එම සංඛ්‍යාලේඛන අනුව මෙවර Qingming උත්සව නිවාඩු‍ කාලයේ දේශීය සංචාරකයන් ගේ වාර ගණන මිලියන 119කි. එය 2019 වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂ ව 11.5%ක වර්ධනයකි. එම සංචාරකයන්ගේ සංචාරක ගාස්තු චීන යුවාන් බිලියන 54කට ආසන්න බවත්, එය 2019 වසරේ අදාළ කාලයට වඩා 12.7%කින් වැඩි වූ බවත්, එම සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ. එමෙන් ම චීනය පුරා මහජන උද්‍යාන, විනෝද උද්‍යාන, ඓතිහාසික හා සංස්කෘතික වීදි සහ සංචාරක ගම්මාන වැනි ස්ථානවල සංචාරක උණුසුමක් දක්නට ලැබිණ.

Qingming උත්සව නිවාඩු‍ කාලයේ චීන ජාතිකයන් සිය මුතුන්මිත්තන් හා දිවි පිදූ වීරවරයින්ගේ සොහොන්වලට ගොස් ඔවුන් අනුස්මරණය කිරීම සිරිතකි. බොහෝ චීන ජාතිකයන් උපන් ගමට ගොස් මුතුන්මිත්තන් අනුස්මරණය කර ඇත. විප්ලවීය සංචාරක ප්‍රදේශවලදී සංචාරකයන් විවිධාකාරයෙන් රටේ විමුක්තිය වෙනුවෙන් දිවි පිදූවන් අනුස්මරණය කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *