චීනයේ සහයෝගයෙන් ඉදිකළ නේපාලයේ ජලවිදුලි බලාගාරයේ මෙහෙයුම් ඇරඹේ

චීනයේ සහයෝගයෙන් ඉදිකළ නේපාලයේ ජලවිදුලි බලාගාරයේ මෙහෙයුම් ඇරඹේ

චීන සමාගමක සහයෝගයෙන් නේපාලයේ ඉදි කළ Sanjen Khola ජලවිදුලි බලාගාරයේ මෙහෙයුම් ආරම්භ කරමින් එය එරට ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරේ. මෙය එරට දේශීය විදුලි හිඟයට තිරසර විසඳුමකි. මෙම බලාගාරය විවෘත කීරීමේ උත්සවය (09) නේපාලයේ කත්මන්ඩු හිදී පැවැත්විණ. 

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ ආයෝජනයෙන් ක්‍රියාත්මක වූ මෙම ජලවිදුලි බලාගාරය මධ්‍යම-උතුරු නේපාලයේ Rasuwa දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර මෙගාවොට් 78 ක සම්පූර්ණ ධාරිතාවක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ද පවතී.

විවෘත කිරීමේ උත්සවයට එක් වූ නේපාල විදුලි අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ Hitendra Dev Shakya මහතා පැවසුවේ මෙය රටේ විදුලි නිෂ්පාදනයේ වැදගත් පියවරක් බවයි. එමෙන්ම එම අවස්ථාවට සහභාගී වූ නේපාලයේ චීන තානාපති කාර්යාලයේ නිළධාරී Wang Xin මහතා කියාසිටියේ මෙම ව්‍යාපෘතිය දේශීය බලශක්ති ව්‍යුහය ප්‍රශස්ත කිරීමට මෙන්ම විදුලි පිරිවැය අවම කිරීමට පමණක් නොව, නේපාලයේ ආර්ථික සංවර්ධනයට ධනාත්මක ශක්තියක් ලබා දෙනු ඇති බවයි.  

නේපාලයේ විදුලි නිෂ්පාදන ක්‍රියාවලියට දැවැන්ත ශක්තියක් මෙම ව්‍යාපෘතියෙන් එක් කරන අතර නේපාල-චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වන සංවත්සරය සමරන මොහොතේ විදුලි බලාගාරයේ මෙහෙයුම් ආරම්භ කිරීමට ලැබීම සතුටක් බව නේපාලයේ බලශක්ති, ජල සම්පත් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍ය Dipak Khadka මහතා එහිදී සඳහන් කළේය. එමෙන්ම මෙමගින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *