තායිවාන ගැටලුව පිළිබඳ ජපාන නායකයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යවරයා ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරයි.
තායිවාන ප්‍රදේශයට යමක් සිදුවුවහොත් එය ජපානයට “රටේ පැවැත්මට අර්බුදකාරී තත්ත්වයක්” ඇති කරනු ඇතැයි ද එසේ වුවහොත් ජපානයට ඊනියා සාමූහික ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කළ හැකි යැයි ද ජපානයේ වත්මන් නායකයා ප්‍රකාශ කළ බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා සඳහන් කළේ ය. ජපානයට සාමූහික ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමේ පූර්ව කොන්දේසිය වන්නේ සිය රට හමුදාමය ප්‍රහාරයකට ලක් වීම යැයි සැවොම දන්නා කරුණකි. මේ හේතුවෙන්, ජපානය වෙත ප්‍රශ්න හතරක් ඉදිරිපත් කිරීමට කැමති බව වං යී මහතා කියා සිටියේය.
පළමුව, තායිවාන කටයුතු චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර ජපානයට ඊට මැදිහත් වීමට ඇති අයිතිය කුමක් ද?
දෙවනුව, චීනයේ තායිවාන ප්‍රදේශයට යමක් සිදුවුවහොත් ආත්මාරක්ෂාව සඳහා ක්‍රියාත්මක වීමට ජපානයට ඇති අයිතිය කුමක් ද?
ඊනියා සාමූහික ආත්මාරක්ෂාව සඳහා අයිතිය ක්‍රියාත්මක කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ යුද්ධ කිරීමේ අයිතිය අත්හැරීම පිළිබඳ ජපානයේ සාමවාදී ව්‍යවස්ථාවේ සඳහන් කරුණු ප්‍රතික්ෂේප කිරීම ද?
ජපන් මිලිටරිවාදය “රටේ පැවැත්මට සම්බන්ධ අර්බුදකාරී තත්ත්වයක් ” යන හේතුවක් භාවිත කරමින් විදේශයන්හි ආක්‍රමණ දියත් කිරීමේ ඉතිහාසය සිහිපත් කොට, වත්මන් ජපාන නායකයින් එරට මෙහෙයවීමට උත්සාහ කරන්නේ කොතැනට ද? මෙම ප්‍රශ්න චීනය ඇතුළු ආසියානු රටවල ජනතාවගේ විමසීමට හා කනස්සල්ලට හේතු වී තිබෙන බව වං යී මහතා කියා සිටියි.
පුරාණ කාලයේ සිටම තායිවාන ප්‍රදේශය චීනයේ භූමියකි. එය අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේද කිසි විටෙකත් “රටක්” බවට පත් නොවනු ඇත. තායිවාන ගැටලුව විසඳීමේ සහ චීනයේ සම්පූර්ණ නැවත එක්සත්වීමේ ඓතිහාසික ක්‍රියාවලිය නැවැත්විය නොහැකිය. ඕනෑම රටක් මෙය පිළිගන්නේ නම් සාමයෙන් සිටිය හැකි අතර, මෙයට විරුද්ධ වුවහොත් විනාශයට පත්වන බව ද චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත.
ඔහු මෙසේ අදහස් දැක්වූයේ 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය අද(8) පැවැත්වූ රාජ්‍යතාන්ත්‍රිකත්වය තේමා කරගත් මාධ්‍ය හමුවේදීය.
